
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ දරුණු අවි ගැටුම් ඇවිළෙයි. ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන් එල්ල කළ ප්‍රහාරයකින්, පාකිස්තාන හමුදා සෙබළුන් 58 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ පාකිස්තාන රජයට එරෙහිව අවි දරා සිටින පාකිස්තාන තලේබාන් සටන්කාමීන්ට ඇෆ්ගන් රජයේ සහාය සහ රැකවරණය හිමිවන බැවිනි.
පසුගිය දා ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර නිල සංචාරයකට ගියේය. ඉන්දීය රජය සමග යහපත් සබඳතා ශක්තිමත් කර ගැනීමට තලේබාන් රජයේ විදේශ අමාත්‍යවරයා සමත් වූ අතර, සිවු වසරකට පසු කාබුල් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට ද තීරණය කෙරුණි.
ඇෆ්ගනිස්තානය මෙසේ ඉන්දීය රජය සමග යහපත් සබදතා වර්ධනය කර ගැනීම පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවක් වුණු බවත්, පාකිස්තාන ගුවන් හමුදාව කාබුල් අගනුවර පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බවත් පැවැසිණි.
එම ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ගැටුම් ඇවිළී ගිය අතර ඇෆ්ගන් තලේබාන්වරුන් එල්ල කළරයෙන් පාකිස්තාන හමුදා සෙබළුන්ට දැඩි හානි සිදුවුණු බව ද වාර්තා වේ. ඇෆ්ගන් තලේබපාන් ප්‍රහාරයෙන් පාකිස්තාන සෙබළුන් මියයෑම සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙතෙක් කිසිවක් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd