IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇෆ්ගන් තලේබාන් රජය අප්‍රසාදය පළ කරයි

ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ.

නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාර එල්ල කරමින්, සවාහිරි ඝාතන කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් වූයේ සී.අයි.ඒ. බුද්ධි තොරතුරු අනුවය. එම අවස්ථාවේ, සවාහිරි, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සැඟවී සිටි අතර, සී.අයි.ඒ. බුද්ධි අංශය ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේය. ඒ, පසුගිය 31 වැනිදාය.

ඇමෙරිකන් හමුදා තමන්ට නොදන්වා, තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සවාහිරි ඝාතනය කිරීම අන්තර්ජාතික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීමක් බවත්, 2020 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යද්දී තලේබාන් රජය සමඟ ඇති කරගත් ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් තලේබාන් රජයේ ප්‍රකාශක සහිබුල්ලා මුජහිද් පවසා තිබේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 ඔක්තෝබරයේය. හේතුව එම වසරේ සැප්තැම්බර් 11 වැනිදා බින් ලාඩන්ගේ අල් කයිඩාව, ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු ලෙස අල් සවාහිරි සැලකෙයි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවූයේ තලේබාන්වරුන්ගේ ආරත්ෂාව යටතේය. ඇමෙරිකාව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් තලේබාන් රජය අප්‍රසාදය පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site