IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් තානාපති දියණිය පැහැරගෙන

පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති නජීබ් අලිකිල්ගේ දියණිය පැහැරගෙන ගෙස් දරුණු වඳ හිංසාවලට පමුණුවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වයස අවුරුදු 20 ගණන්වල පසුවන තානාපති දියණිය සිල්සිලා අලික්හිල් පැහැර ගැනීම සිදුවී ඇත්තේ ඇය තානාපති නිල නිවසේ සිටිද්දීය. ආරක්ෂක අංශ නිලධාරීන්ට පහර දී නිවසට කඩා වැටුණු පිරිසක් ඇය පැහැරගෙනගිය බවත්, මෝටර් රථයකින් ගෙන යද්දී එම පිරිස ඇයට දරුණු ලෙස පහර දී වධ හිංසා සිදු කළ බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඉතා කෙටි කාලයක් ඇතුළත එම පිරිස තානාපති දියණිය නිදහස් කර ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි. එම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වුණැයි ඇෆ්ගන් රජය සහ එරට විදේශ කටයුතු අමත්‍යාංශය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දන්වා ඇත.

සිදුවුණේ කුමත්දැයි වහා සොයා බලන ලෙසත්, පැහැර ගැනීමට සම්බන්ධ සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන්ට උපදෙස් දුන් බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති ෂෙයික් රෂීඩ් අහ්මද් මාධ්‍ය හමුවේ පවසා ඇත.

පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඇෆ්ගන් තානාපතිවරයා සහ ඔහුගේ පවුලේ අයගේආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම අනුගමනය කළ බවත් අභ්‍යන්තර කටයුතු ඇමැති ෂෙයික් රෂීඩ් අහ්මද් අවධාරණය කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තලේබාන් ත්‍රස්තවාදීන්ට පාකිස්තාන බුද්ධි අංශය සහ හමුදාය සහාය දක්වන බවට ඇෆ්ගන් රජය ඉකුත් සතියේ චෝදනා කළේය. ඇෆ්ගන් රජය පාකිස්තාන බුද්ධි අංශයට සහ හමුදාවට එල්ල වුණු මෙම චෝදනා සහ මෙම පැහැර ගැනීම අතරේ සම්බන්ධයක් තිබෙනවා විය හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් තානාපති දියණිය පැහැරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site