ප්ලාස්ටික් බෑගවල දමා ඇමෙරිකන් ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක්, ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇෆ්ගන් ජනපති කාර්යාලයට ලබාදී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.
ඇෆ්ගන් රජය පවත්වාගෙන යෑමටත්, රජයේ මැති ඇමැතිවරුන්ගේ මෙන්ම ජනපති හමීඞ් කර්සායිගේ ද ‘පඩිනඩි’ ගෙවීමත් සිදුවන්නේ ඇමෙරිකාවේ, ජර්මනියේ සහ සෙසු බටහිර රටවල ආධාර මුදල්වලිනි.
කෙසේ නමුත් සී.අයි.ඒ. නිලධාරීන් ඇෆ්ගන් ජනපති කාර්යාලයට ලබා දී ඇති මුදල කුමන අරමුණකින් ලබා දුන්නේ ද යැයි මෙතෙක් අනාවරණය වී නැත. එපමණක් නොව, එය නිලවශයෙන් සිදුවූ ආධාර ලබා දීමක් ද නොවන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
ලෝකයේ දූෂිතර රාජ්‍යයන් අතර ප‍්‍රමුඛත්වය ගෙන සිටින්නේ ඇෆ්ගන් රජය යැයිද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පසුගිය දා අනාවරණ කළේය.