
විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී ගියේ 2021 වසරේ අගෝස්තුවේය. ඉන්පසු තලේබාන් ත්‍රස්ත සංවිධානයට යළි බලයට පැමිණ, නව රජයක් පිහිටුවූයේය. අද ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානයයි.
තලේබාන් පාලකයන් ඔවුන්ට ආවේණික දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, නිදහසේ ජීවත් වීමට ඇෆ්ගන් කාන්තාවන්ට ඇති අයිතිය ඔවුන් උදුරා ගෙන ඇතැයි ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පැහැදිලි කර තිබේ.
බාලිකා අධායපන ද තහනම් කර තිබේ. කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය. විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කිරීමට තලේබාන් පාලකයන් කටයුතු කර ඇත්තේ පෙරේදා (9) ය.
කාන්තාවන් සම්බන්ධයෙන් මෙම නව තහංචි පැනැවීම සිදු කර ඇත්තේ ද ඇෆ්ගන් තලේබාන් රජයේ සදාචාරාත්මක සමාජයක් පිහිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති අමාත්‍යාංශයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ්ලාගේ පරම්පරාව ගැහැණු එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ. මේ අය නම් මානසික ලෙඩ්ඩු...
ඇෆ්ඝනිස්ථානය, ඉරානය වැනි රටවල පවතින ආගමික උන්මත්තකයින් පනවා ඇති ගෝත්‍රික නීතිරීතිවලට එරෙහිව, ඒ රටවල වෙසෙන අසරණ ජනතාව බේරාගැනීම සඳහා ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපා රටවල් එකතු වී හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම ඉතාමත්ම කාලෝචිතයි. මේ ආගමික උන්මත්තකයින් මෙලොවින් තුරන් කළ යුතුයි.