IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගන් කතුන්ගේ අයිතීන් සුරකින්න ඕනෑ

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා “නිර්භීත හා දැඩි කැපවීමක්” පෙන්වන ලෙස නොබෙල් ත්‍යාගලාභී සහ පාකිස්ථානු අයිතිවාසිකම් ක්‍රියාකාරිනී මලාලා යූසුෆ්සායි  පාකිස්ථානයෙන් ඉල්ලා සිටින්නීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ කොටසක් ලෙස "ඇෆ්ගනිස්ථානයේ බාලිකා අධ්‍යාපනය සඳහා අනාගතයක් සඳහා සහයෝගය දැක්වීම" පිළිබඳ අත්‍ය සැසියකදී  ඇය මේ බව පැවසුවාය.

"කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු අතර ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයද ආරක්‍ෂා කළ යුතු බවට පකිස්ථානු අග්‍රාමාත්‍යවරයාගෙන් සමහර ප්‍රකාශ  අසන්නට ලැබුනු  නමුත් ඇෆ්ගනිස්ථානයේදී මානව හිමිකම් සුරැකීම සඳහා පකිස්ථානයට නිර්භීත හා දැඩි කැපවීමක් පෙන්විය හැකි යැයි තමා පකිස්ථානයෙන්  බලාපොරොත්තු වන බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ඇෆ්ගනිස්ථානයේ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා සහ ඔවුන්ගේ පවුල් වල ආරක්‍ෂාව සෙවීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දේශසීමා විවෘත කරනු ඇතැයි ඇය බලාපොරොත්තු පළ කළාය.

තලේබාන් සංවිධානයට ගැහැණු ළමයින්ගේ අධ්යාපනය ලැබීමේ අයිතිය පිළිබඳව පාකිස්ථානයට බලපෑම් කළ හැකිද යන්න පිළිබඳව සැසිවාරයේදී විමසූ විට, යූසුෆ්සායි මහත්මිය පැවසුවේ, "පාකිස්ථානය යනු ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රට බවත්, ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය පාකිස්තානයේ මායිම දක්වා ළඟා වන බවත් අපි දනිමු. එය පකිස්ථානයේ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට සහ ප්‍රජාවන්ට සහ එහි කාන්තා අයිතිවාසිකම් වලට ද බලපාන බව ඇය පෙන්වා දුන්නාය.

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය, එරට සාමය සහ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් ලෙස නොව, මුළු කලාපයේම සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දැකිය යුතු බවද ඇය එම අන්තර්ජාල සැසියේදී කියා සිටියාය.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමට, පකිස්ථානය ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ යුතු බව ද ඇය පෙන්වා දෙයි.

එහෙයින් ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන්ගේ සහ තරුණියන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිමින් අඛණ්ඩව ඔවුන්ට අධ්‍යාපනය ලැබීම කෙරෙහි පකිස්ථානය තලේබාන් සංවිධානයට,  බලපෑම් කළ යුතු බවද මලාලා යූසුෆි කියා සිටින්නීය.

"මේ දක්වා පාකිස්තානය දහස් ගණන් ජනයා පිළිගෙන ඇති නමුත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් පිළිගැනීමට අපි වඩාත් විවෘතව සිටිය යුතු අතර මානව හිමිකම් සුරැකීම සහතික කිරීම සඳහා පාකිස්තානය තලේබාන් සංවිධානය සමඟ සංවාදයකට හා සාකච්ඡාවකට එළඹෙන බවට සහතික විය යුතු බව" ඇය පැවසුවාය.

2012 දී යූසුෆ්සායි මහත්මිය පාකිස්ථානයේදී තලේබාන් ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කරන ලද අතර,ඒ එරට ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සඳහා ඇයගේ ක්‍රියාකාරිත්වය සඳහා පළිගැනීමක් වශයෙනි. වෙඩි තබා මාස නවයකට පසු, ඇගේ 16 වන උපන්දිනය දා, ඇය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන දේශනයක් පැවැත්වුවාය.

(එන්.ඩී.ටී.වී)

 



අදහස් (0)

ඇෆ්ගන් කතුන්ගේ අයිතීන් සුරකින්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site