ජුලි මාසයේ පසළොස්වක පොහෝ දින දෙකකි. ජුලි 1 වන බදාදා සහ 31 වන සිකුරාදා අධි ඇසළ සහ ඇසළ පොහෝ දින විය. එක මාසයේ දෙදිනක් පුර සඳ පායන්නේ කලාතුරකිනි. මේ වසර එවැන්නකි. මීට පෙර 2012 අගෝස්තු මාසයේ පුරසඳ දෙදිනක් තිබුණි. මීළඟට එකම මාසයේ පුරසඳ දෙදිනක පායන්නේ 2018 ජනවාරි මාසයේය.

එක මාසයේ පුරසඳ දෙකක් ඇතිවන විට දෙවන සඳ නිලවරණ පුර සඳ ලෙස කියවෙයි. මෙනිසාම කලාතුරකින් සිදුවන දෙයක් හැඳින්වීම සඳහා "වන්ස් ඉන් අ බ්ලූ මුන්" යන යෙදුම ඉංග්‍රීසියෙන් යොදයි. සාමාන්‍යයෙන් සඳ රිදිපැහැය මුසුවූ අලුපාටක් ගනී. එක මාසයේ පුර සඳ දෙකක් දක්නට ලැබෙන හැම අවස්ථාවකම දෙවන දිනයේදී බොහෝදෙනෙකු එම සඳ දැක බලාගැනීමට උනන්දුවක් දක්වති. මේඅතර විශ්වයේ චමත්කාරය පිළිබඳ උනන්දුවක් දක්වන්නෝ සහ ගවේෂණය කරන්නෝ විශේෂ වෙති.

ජුලි 31 වනදා පැයූ පුරසඳ ලොව වටා බොහෝ දෙනෙකු නැරඹුවා පමණක් නොව විවිධ තැන්වල සිට ඡායාරූපයට ද නගා ඇත. මාසයේ දෙවන පුරසඳ වෙනුවෙන් ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ එදින චමත්කාර ජනක ගිනිකෙළි සංදර්ශනයක් පවා පවත්වා ඇත.

සඳ මුහුණත නිල් පැහැයට දිස්වූ අවස්ථා ඇතිවන්නේ ගිනිකන්දක් පුපුරා යාමේදී මතුවන දුමාරයෙන් අහස ආවරණයවූ විට පමණක් බවත් 1883  දී ඉන්දුනීසියාවේ ක්රකටාවා ගිනිකන්ද පුපුරා ගිය අවස්ථාවේදී සති කිහිපයක්ම රාත්‍රී අහසේ දිස්වූ චන්ද්‍රයා නීලවර්ණ පැහැයක් ගත්බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියා ඇත.

2AFC5BCF00000578-3179917-image-a-6_1438414886515[1] 2B02AF6F00000578-3179917-image-a-149_1438441392718[1] 2B026FD300000578-3179917-image-a-62_1438448960929[1]