IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇසළ සඳ නිල් පාටයි

ජුලි මාසයේ පසළොස්වක පොහෝ දින දෙකකි. ජුලි 1 වන බදාදා සහ 31 වන සිකුරාදා අධි ඇසළ සහ ඇසළ පොහෝ දින විය. එක මාසයේ දෙදිනක් පුර සඳ පායන්නේ කලාතුරකිනි. මේ වසර එවැන්නකි. මීට පෙර 2012 අගෝස්තු මාසයේ පුරසඳ දෙදිනක් තිබුණි. මීළඟට එකම මාසයේ පුරසඳ දෙදිනක පායන්නේ 2018 ජනවාරි මාසයේය.

එක මාසයේ පුරසඳ දෙකක් ඇතිවන විට දෙවන සඳ නිලවරණ පුර සඳ ලෙස කියවෙයි. මෙනිසාම කලාතුරකින් සිදුවන දෙයක් හැඳින්වීම සඳහා "වන්ස් ඉන් අ බ්ලූ මුන්" යන යෙදුම ඉංග්‍රීසියෙන් යොදයි. සාමාන්‍යයෙන් සඳ රිදිපැහැය මුසුවූ අලුපාටක් ගනී. එක මාසයේ පුර සඳ දෙකක් දක්නට ලැබෙන හැම අවස්ථාවකම දෙවන දිනයේදී බොහෝදෙනෙකු එම සඳ දැක බලාගැනීමට උනන්දුවක් දක්වති. මේඅතර විශ්වයේ චමත්කාරය පිළිබඳ උනන්දුවක් දක්වන්නෝ සහ ගවේෂණය කරන්නෝ විශේෂ වෙති.

ජුලි 31 වනදා පැයූ පුරසඳ ලොව වටා බොහෝ දෙනෙකු නැරඹුවා පමණක් නොව විවිධ තැන්වල සිට ඡායාරූපයට ද නගා ඇත. මාසයේ දෙවන පුරසඳ වෙනුවෙන් ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ එදින චමත්කාර ජනක ගිනිකෙළි සංදර්ශනයක් පවා පවත්වා ඇත.

සඳ මුහුණත නිල් පැහැයට දිස්වූ අවස්ථා ඇතිවන්නේ ගිනිකන්දක් පුපුරා යාමේදී මතුවන දුමාරයෙන් අහස ආවරණයවූ විට පමණක් බවත් 1883  දී ඉන්දුනීසියාවේ ක්රකටාවා ගිනිකන්ද පුපුරා ගිය අවස්ථාවේදී සති කිහිපයක්ම රාත්‍රී අහසේ දිස්වූ චන්ද්‍රයා නීලවර්ණ පැහැයක් ගත්බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියා ඇත.

2AFC5BCF00000578-3179917-image-a-6_1438414886515[1] 2B02AF6F00000578-3179917-image-a-149_1438441392718[1] 2B026FD300000578-3179917-image-a-62_1438448960929[1]



අදහස් (0)

ඇසළ සඳ නිල් පාටයි

කරුණාරත්න Sunday, 02 August 2015 06:55 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 August 2015 05:15 AM

ලෝකේ කොහේ ඉදන් බැලුවත් එකම හඳ තමයි ඒ හැමතැනටම පෙන්නේ. පරිසර විෂමතාවය අනුව ඒ ඒ ප්‍රදේශයන්ට විවිධ ආකාරයෙන් සහා විවිධ පැහැයෙන් මේ හඳ දැකගන්න පුළුවන් ඇති! (ම)

:       0       0

හෂාන් Tuesday, 04 August 2015 02:22 PM

ආ ඇත්තද රූපවති, යුරෝපයේ හඳත් මේ වගේ රවුන්ද දන්නේ නැහැනේ? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 02 August 2015 08:31 PM

තිස්ස මඩවල මහතාට ස්තුතියි! ඉංග්‍රීසි යෙදුමේ යථාර්ථය පැහැදිලි කරදීම ඉතාමත් හොඳයි (නි)

:       0       0

රූපවතී Sunday, 02 August 2015 07:51 AM

ලංකාවට වගේම යුරෝපා රටවලටත් මේ සඳ මේ ආකාරයෙන්ම දිස් උෟවා (නදී)

:       0       0

චාමික Monday, 03 August 2015 02:06 AM

මොන යුරෝපයක්ද රූපවතී ඔයාට? (නි)

:       0       0

චමින්දි Monday, 03 August 2015 03:01 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සිසිර Monday, 03 August 2015 11:46 AM

රූපවතී,යුරෝපයේ කියලා කෑකොස්සන් ගැහුවාට සයිප්‍රසයත් යුරෝපයේ තමයි.රූපවතී ඉන්න යුරෝපයේ නම කියන්න අකමැති කෙළින් කොන්දක් නැතිකම නිසයි.අපිත් මේ චමත්කාරජනක සඳ බැලුවා.යුරෝපයේ බර්මින්හැම් කියන නගරයේ සිට. (නි)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 02:46 PM

lලංකාවේ අපිට නම් මේ දවස්වල ඇහෙන්නේ හඳෙන් හාල් ගේන්න තරම් වගේ කතා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site