ඉන්දියාවේ ඇසෑම් සහ මිසෝරාම් යන ප්‍රාන්ත අතර දශක ගණනාවක් තිස්සේ පවතින ප්‍රාන්ත සීමා සම්බන්ධ ගැටුම් මේ වනවිට යළි ඇවිලීමට පටන්ගෙන තිබේ.
පසුගිය සඳුදා (26) ඇසෑම් පොලිස් නිලධාරීන් සහ මිසෝරාම් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් අතරේ ප්‍රාන්ත සීමාවේ වෙඩි හුවමාරුවක් පැවැතිණි. එයින් 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මිසෝරාම් ප්‍රාන්තයෙන් එල්ල වුණු වෙඩි ප්‍රහාරයට හසුවීමෙන්, ඇසෑමයේ පොලිස් නිලධාරීන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසිණි. එම ගැටුමින් පසු, ප්‍රාන්ත සීමාවට ආරක්ෂාවට ඉන්දීය කොමාන්ඩෝ සෙබළුන් 6,000 ක් යෙදවූ බව ඇසෑම් ප්‍රාන්ත මහ ඇමැති හිමන්තා බිස්වා සර්මා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. සර්මා නියෝජනය කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි.
මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින 'මිස්රෝ ජාතික පෙරමුණ' භාරතීය ජනතා පක්ෂය සමඟ හවුල් වී සිටී. මිසෝරාම් මහ ඇසැති සොරම්තංගා ඇසෑමයට චෝදනා කර ඇත්තේ, ඇසෑමය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින්, ගම්වැසියන්ට කරදර කරන බවටය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇසෑම්-මිසෝරාම් ප්‍රාන්ත ගැටුම ඔඩුදුවයි