ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
ඇසෑම් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල පිහිටා ඇති මාර්ග, නිවාස සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ගම්මාන දහස් ගණනක් යට වී ඇති අතර අවතැන් වූවන්ට නවාතැන් සැපයීමට සහන කදවුරු පිහිටුවා ඇත.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඇසෑම් හි කසිරංගා ජාතික උද්‍යානයද ගංවතුරෙන් යටවී ඇති අතර වන සතුන් 51 දෙනෙක් මියගොස් ඇති ඇත.
සතුන් 102 ක් බේරා ගැනීමට සමත් වී ඇති අතර කොටින් සහ රයිනෝසිරයන් ගංවතුර ආරක්ෂාවීමට අවට ගම්මානවලට ගොස් ඇත.
අවතැන් වූවන්ට සහන සැපයීමට ඇසෑම් ප්‍රාන්තය පුරා බෝට්ටු 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
60,000 කට වැඩි පිරිසකට තාවකාලික නවාතැන් සැපයීම සඳහා දිස්ත්‍රික්ක 20 ක සහන කඳවුරු 480 ක් පිහිටුවා ඇත.
සෑම වර්ෂයකම අධික මෝසම් වර්ෂාවෙන් ඇසෑම් ප්‍රාන්ත වාසීන්ට මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.
2019 වර්ෂයේ ඉන්දියාව, නේපාලය සහ බංගලාදේශයට බලපෑ ගංවතුරක් හේතුවෙන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇත.
එසේම ඇසෑම් සහ බිහාර් ප්‍රාන්තවලට බලපෑ ගංවතුර හේතුවෙන් 100 දෙනෙක් පමණ මිය ගොස් ඇත.
226
බීබීසී ඇසුරෙනි
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් 50 දෙනෙකු මරුට