ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත. පසුගිය දිනවල ඇතිවූ අධික වැසි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇතැයි ඉන්දීය කාළගුණ අංශ වාර්තා කර තිබේ.
ටිබෙටයේ සිට ඉන්දියාව හරහා බංගලාදේශය දෙසට ගලා බසින බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගැලීමෙන් ඇසෑම් ප්‍රාන්තයේ ගම්මාන දෙදහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි බලධාරීහු පවසති.
ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 33න් 23කටම ගංවතුර තත්ත්වය බලපෑම් ඇතිකර තිබේ.
ඉදිරි දින කිහිපයේ වර්ෂාව වැඩි වන බවට කාළගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇති බවට ද අනතුරු අඟවා ඇත.
දුර්ලභ රයිනෝ විශේෂයක් වාසය කරන කාසිරංගා ජාතික උද්‍යානයේ වැඩි කොටසක් ජලයෙන් යටවී ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැරා මිලිටරි භටයන් යොදවා ඇත.
මේ දිනවල ඉන්දියාවේ දරුණු ලෙස කොරෝනා වයිරසය පැතිර යන බැවින් තාවකාලික කඳවුරු වල සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි බලධාරීහු පවසති.
අසාම් ප්‍රාන්තයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 7,492ක් වාර්තා වී ඇති අගර මරණ 11ක් සිදුවී තිබේ. තේ වගාව සඳහා ප්‍රසිද්ධ අසාම් ප්‍රාන්තය සෑම වසරකම ඇතිවන සෘතුමය ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් මිලියනයක් අවතැන්