පෘථිවියට ඇදී එන ඇස්ටරොයිඩයන්, න්‍යෂ්ඨික අවි යොදාගෙන විනාශ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) අවධානය යොමුව තිබේ.

මෙම අදහස විද්‍යා ලෝකයට අලූත් දෙයක් නොවන නමුත් න්‍යෂ්ඨික අවි යොදාගෙන පෘථිවිය දෙසට ඇදී එන අභ්‍යාවකාශ වස්තුන් විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේම නොයෙකුත් මත පළවිණි.

නාසා ආයතනයේ සැළසුම වන්නේ මුලින්ම පෘථිවිය දෙසට ඇදී එන ඇස්ටරොයිඩය මත ආවාටයක් කැන පසුව එයට එල්ල වන පරිදි න්‍යෂ්ඨික මිසයිලයක් එල්ල කර ඇස්ටරොයිඩය විනාශ කර දැමීම වේ. ආවාටය කැණීමට හා මිසයිලය එල්ල කිරීමට වෙන වෙනම අභ්‍යාවකාශ යානා දෙකක් භාවිතා කරන බවද සදහන් වේ.

මෙයට පක්ෂව හා විපක්ෂව නොයෙකුත් අදහස් පළව තිබෙන අතර විපක්ෂව අදහස් පළකරන්නවුන් කියන්නේ ඇස්ටරොයිඩය විනාශවනු ඇති වුවද එයින් කැඩී වෙන්වෙන කොටස් පෘථිවිය මතට පතිත වීමේ අවදානමක් තිබෙන බවය.ඒ සදහා උදාහරණයක් ලෙස ඔවුන් පසුගිය පෙබරවාරි මස රුසියාවට කඩා වැටුණු ඇස්ටරොයිඩ කැබලි වලින් සිදුවූ හානිය පෙන්වා දේ.

පෘථිවියට හානි ගෙනදීමට ඉඩ ඇති ඇස්ටරොයිඩයන් හදුනාගැනීම මෙතැනදී මුලින්ම සිදුවිය යුතු වුවද ඒ සඳහා තවමත් නිසි පද්ධතියක් නොමැති බව නාසා විද්‍යාඥයින්ම පිළිගන්නකි.දැනට තිබෙන පද්ධතිය එසේ ඇස්ටරොයිඩයන් හඳුනාගැනීමට තරම් දියුණු නොවේ.

0F7D742200000578-3135279-image-a-52_1435012367321