IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇස්ටරොයිඩ විනාශ කරන්න න්‍යෂ්ඨික අවි?

පෘථිවියට ඇදී එන ඇස්ටරොයිඩයන්, න්‍යෂ්ඨික අවි යොදාගෙන විනාශ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) අවධානය යොමුව තිබේ.

මෙම අදහස විද්‍යා ලෝකයට අලූත් දෙයක් නොවන නමුත් න්‍යෂ්ඨික අවි යොදාගෙන පෘථිවිය දෙසට ඇදී එන අභ්‍යාවකාශ වස්තුන් විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේම නොයෙකුත් මත පළවිණි.

නාසා ආයතනයේ සැළසුම වන්නේ මුලින්ම පෘථිවිය දෙසට ඇදී එන ඇස්ටරොයිඩය මත ආවාටයක් කැන පසුව එයට එල්ල වන පරිදි න්‍යෂ්ඨික මිසයිලයක් එල්ල කර ඇස්ටරොයිඩය විනාශ කර දැමීම වේ. ආවාටය කැණීමට හා මිසයිලය එල්ල කිරීමට වෙන වෙනම අභ්‍යාවකාශ යානා දෙකක් භාවිතා කරන බවද සදහන් වේ.

මෙයට පක්ෂව හා විපක්ෂව නොයෙකුත් අදහස් පළව තිබෙන අතර විපක්ෂව අදහස් පළකරන්නවුන් කියන්නේ ඇස්ටරොයිඩය විනාශවනු ඇති වුවද එයින් කැඩී වෙන්වෙන කොටස් පෘථිවිය මතට පතිත වීමේ අවදානමක් තිබෙන බවය.ඒ සදහා උදාහරණයක් ලෙස ඔවුන් පසුගිය පෙබරවාරි මස රුසියාවට කඩා වැටුණු ඇස්ටරොයිඩ කැබලි වලින් සිදුවූ හානිය පෙන්වා දේ.

පෘථිවියට හානි ගෙනදීමට ඉඩ ඇති ඇස්ටරොයිඩයන් හදුනාගැනීම මෙතැනදී මුලින්ම සිදුවිය යුතු වුවද ඒ සඳහා තවමත් නිසි පද්ධතියක් නොමැති බව නාසා විද්‍යාඥයින්ම පිළිගන්නකි.දැනට තිබෙන පද්ධතිය එසේ ඇස්ටරොයිඩයන් හඳුනාගැනීමට තරම් දියුණු නොවේ.

0F7D742200000578-3135279-image-a-52_1435012367321



අදහස් (0)

ඇස්ටරොයිඩ විනාශ කරන්න න්‍යෂ්ඨික අවි?

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:01 AM

මිහිදු මැතිදු හිටියනම් ලංකාව තව අවුරුදු 5කින් 10කින් න්‍යෂ්ටික බලවතෙක් වෙන්න තිබ්බා.(නදී)

:       0       0

බණ්ඩා Tuesday, 23 June 2015 06:40 AM

පිවිතුරු යහපාලන මහත්තයෝ මිහිදු මැතිදු මේ දවස් වල නෂ්ටික බොම්බේ හදනවා තව මාස කිහිපයකින් එක පාවිච්චි කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය කුඩු කරනවා .(ම)

:       0       0

එච්.පෙරේරා Tuesday, 23 June 2015 01:15 PM

බලවත් රටවල් ඇස්ටරොයිඩයක් විනාශ කරන මුවාවෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරගැනීමෙන් වෙන්නේ ආසියාතික රටවල් වලට තර්ජනාත්මක බලපෑමක් ඇතිවීමයි. අවංක චේතනාවෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කලත් වැඩි කලක් යන්නත් කලින් අපගේ ඕසෝන් ඉස්තරයට විශාල හානියක් වගේම පාසරික වශයෙන් විකුර්තිතාවයන් හා පෘටිවීයේ ජීවත් වෙන ජීවීන්ට ජානමය විකුර්තිතාවයන් ඇති වීමට හේතු වෙන්න පුළුවන්. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:57 AM

බණ්ඩා මහත්තයෝ නිදහස් පක්ෂේ කුඩුවෙන්නේ මහින්ද මැතිතුමාට නායකත්වය දුන්නේ නැත්තම් විතරයි. මහින්ද මැතිතුමාට පක්ෂ පාට වලට වඩා වටින්නේ මේ රට බව මතක තිය ගන්න. මේ රට කොටියට යයි මහින්ද මැතිතුමා බලයට පත් වුණේ නැතිනම්.(ම)

:       0       0

අමන්දා Tuesday, 23 June 2015 02:00 PM

ඇමෙරිකාව තමන්ගේ මුදල් වලින් ලෝකය බේර ගන්න දරන උත්සාහයට කව්රුත් ස්තුතියි කියන්නේ නැතිද.(නදී)

:       0       0

විපුල Tuesday, 23 June 2015 07:59 AM

අනේ අම්මප , හැමදේටම දේශපාලනේ ඇදගෙන ගොන් ආතල් ගන්න මීහරක් ඉන්නවනේ මේ රටේ, (බ)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 24 June 2015 05:31 AM

ලංකාවෙ කවුරුවත් බය වියයුතු නැහැ. පිරිත් පැන් බලයෙන් ද, නැකැත් කරුවන්ගේ උපදෙස් මගින්ද, තිස්තුන් කෝටියක් දෙවියන් විසින්ද ලංකාව රැක ගන්නවා . (නදී)

:       0       0

සම්පත්-ඩුබායි Tuesday, 23 June 2015 08:22 AM

පිවිතුරු යහපාල මොන ලෝකෙද ඉන්නේ.....පිස්සුද ? හැටිද? (නි)

:       0       0

රොහිත Tuesday, 23 June 2015 09:46 AM

ඔබේ කතාව මාත් එකඟයි (ම)

:       0       0

රොහාන් සෞදි Tuesday, 23 June 2015 10:40 AM

පිවිතුරු යහපාල සහ එයාගේ මහින්ද ලොක්කට තාරු පෙන්නයි ඇස්ටරොයිඩ කැල්ලක් වැටුනානම්, මොලය උඩ වාඩිවෙලා ඉන්න කට්ටිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site