
ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ 'ඇවටාර් 2' චිත්‍රපටය සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ.
ආරම්භක දිනයේ 'ඇවටාර් 2' ඇමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය කරමින් ඉපැයූ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 17 ක් බව පැවැසෙයි.
'ඇවටාර් 2' චිත්‍රපටය හැදින්වෙන්නේ ''ඇවටාර්: වේ ඔෆ් වෝටර්' යනුවෙනි. 'ඇවටාර් 2' චිත්‍රපටය තිරගත වන්නේ 'ඇවටාර්' පළමු චිත්‍රපටය තිරගත වී වසර 13 කට පසුවය.
ලොව වැඩිම ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ලෙස සැලකනේනේ සම්මාන රැසකට පාත්‍ර වුණු 'ඇවටාර්' චිත්‍රපටයයි. ත්‍රිමාණ සිනමාව නව මානයකට යොමු කිරීමට 'ඇවටාර්' සමත් විය.
'ඇවටාර් 2' චිත්‍රපටය ද ඊටත් වඩා නව තාක්ෂණික උපක්‍රම භාවිතයට ගනිමින් නිර්මාණය කරන ලද්දකි.
පළමු දිනයේ ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් 'ඇවටාර් 2' චිත්‍රපටය ඉපැයූ මුුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 50.4 ක් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd