පසුගිය සති අන්තය පුරා ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ අධික හිම පතනය හේතුවෙන් හත්දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිමමත ලිස්සායෑමේ ක්‍රීඩාවේ යෙදුණු ජරිමන් ජාතිකයන් දෙදෙනකු හා පෝලන්ත ජාතිකයෙකු මෙලෙස මියගිය අය අතර සිටින බව පැවසේ.
ඇල්ප්ස් කඳුවැටියේ ඉතාලියට අයත් කොටසේදී කඳු නගින්නන් දෙදෙනකු මියගොස් ඇත.
අතුරුදන් පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අවදානම් තත්ත්වය හේතුවෙන් කඳුකර මාර්ග බොහොමයක් වසා දමා ඇතැයි බලධාරීහු පවසති.
(බීබීසී ඇසුඑිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd