ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය මෙම වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගීඩ් සාලේ නිවේදනය කර ඇත.
දැවැන්ත මහජන විරෝධය හමුවේ පසුගිය අප්‍රේල් මාසයේදී අබ්ඩෙලාසීස් බොටිෆ්ලිකාට ඇල්ජීරියානු ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවිය.
පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණද බලධාරීන් විසින් එය කල් දමනු ලැබීය.
මේ වනවිට ඇල්ජීරියාව පාලනය කරනු ලබන්නේ හමුදා නායකයින් විසිනි.
මේ අතර හිටපු ජනපති බොටිෆ්ලිකාගේ ආධාරකරුවන් හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd