පුද්ගලයින් 116 දෙනෙකු රැගෙන බුර්කිනා ෆාසෝ සිට ඇල්ජර්ස් බලා පියාසර කරමින් තිබියදී මාලි හා බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේදී අතුරුදන්වූ ස්විෆ්ට් එයාර් ගුවන් සේවයට අයත් ඒ.එච්.517 අංක දරන ගුවන් යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ.
ආගමික හා සිවිල් නායක හමුවක් කැදවූ මාලි ජනපති ඊබ්‍රාහිම් බුබාකාර් කෙටියා ඔවුන් ඉදිරියේ මාලි උතුරු කාන්තාර ප්‍රදේශයේ තිබී යානයේ සුන්බුන් සොයාගෙන තිබේයැයි පැවසීය.
බුර්කිනා ෆාසෝ හි ඉහළ පෙලේ හමුදා නිළධාරියෙකු වන ජෙනරාල් ගිල්බර්ට් ඩියෙන්ඩ්‍රේද යානයේ සුන්බුන් සොයාගෙන ඇතැයි පවසන අතර බුර්කිනා ෆාසෝ හා මාලි දේශසීමාවට කිලෝමිීටර 32 ක් පමණ දුරින් පිහිටා ඇති මාලි ගම්මානයක් වන බොවුලූකෙස්සි ආසන්නයේ යානය කඩා වැටී ඇතැයි ඔහු කියයි.
මාලි රජයේ අවසරය ඇතිව හමුදා භටයින් එහි යැවූ බවත් එහිදී මිනිස් මළසිරුරු හා යානයේ සුන්බුන් තැන් තැන්හි විසිරී තිඛෙනු දැකගත හැකවී යැයි ඔවුන් තමන්ට දැන්වූ බවත් ඔහු පවසයි.
කවුරුන් සත්‍ය පවසන්නේදැයි තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැතිව ඇත්තේ ප්‍රංශ විදෙස් ඇමති ලෝරන්ට් ෆාබිස් යානය තවමත් සොයාගෙන නොමැතියැයි ප්‍රකාශයක් කර ඇති නිසාවෙනි.
නමුත් යානය කඩා වැටී ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්ය.
යානය හා සබඳතා බිද වැටෙන්නට ප්‍රථමයෙන් පාලක මැදිරිය හා සම්බන්ධව ඇති යානයේ නියමුවන් වැලි කුණාටුවක් පැමිණෙන බවත් එනිසා යානයේ ගමන් මග වෙනස් කිරීමට අවසර ඉල්ලා ඇති බවත් හෙළිව ඇත.
අවසරය ලැබී ගමන්මග වෙනස් කළ මෙහොතේ පටන් යානය හා සියලූ සබඳතා බිඳ වැටී තිබේ.ඒ ගුවන්යානය ගුවන්ගතවී මිනිත්තු 50 කට පසුවය.
යානය වැලි කුණාටුවට හසුව කඩා වැටෙන්නට ඇත්දෝයි සැක කෙරේ.
යානයේ ගමන් මාර්ගය වැටී තිබුණු ප්‍රදේශයේ ඊයේ (24)දිනයේ ප්‍රචණ්ඩ වැලි කුණාටුවක් ඇතිවූ බව මාලි හා බුර්කිනා ෆාසෝ දෙරටේම බළධාරීහුද සහතික කරන්නකි.
බුර්කිනා ෆාසෝ සිට ඇල්ජර්ස් බලා පියාසර කරමින් තිබූ යානය පැය 3 ක් ඇතුළතදී ඇල්ජර්ස් වෙත ළගාවීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd