
ඇමසන් වනාන්තරයේ, අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීමට ප්‍රංශය සූදානම් වෙයි. මෙම බන්ධනාගාරය ඉදි කෙරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ප්‍රංශ ගියානාවේය.
ප්‍රංශ ගියානාව යනු දකුණු ඇමෙරිකාවේ පිහිටි ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින රාජ්‍යයකි. ප්‍රංශ ගියානාවේ නිල භාෂාව ද ප්‍රංශ වන අතර, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ප්‍රංශ ගයානාවේ ද ජනාධිපතිවරයාය. ප්‍රංශ ගියානාවේ අගනුවර වන්නේ කයැන්ය.
ප්‍රංශ ගියානාවේ ජනගහනය 2,95,385 ක් වන අතර, එය වර්ග කිලෝ මීටර් 84,000 ක භූමියක් පුරා ව්‍යාප්ත වී ඇත.
ඇමසන් වැසි වනාන්තරයේ කොටසක්, ප්‍රංශ ගියානාවට ද අයත් වෙයි. බන්ධනාගාරය ඉදි කෙරනු ඇත්තේ මෙම වනාන්තරය මැදය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඉස්ලාමීය අන්තවාදීන් මෙම බන්ධනාගාරයට යැවීමට නියමිතය.
ප්‍රංශ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රැඳෙවියන් 500 දෙනකුට මෙම බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇති බවය.
මෙම අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වනු ඇත්තේ 2028 වසරේදීය යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් ඉන්නවා. ඉතාමත්. දරුනු විදියට රටේ ජනතාවගෙ මුදල් හොරාකමින් මිනිමරමින්. රට කරපු. නුගත් ගොබ්බයින්. රෑනක්. මෙම හිර ගෙදර ඇතුලේ ඉන්න අව්ශ්‍ය නැහැ. පුලුවන්නම් මොවුන්ට. එහි බරපතල. වැඩ කිරිමට. මොවුන්ව. අර ගන්න පුලුවන් නිදැල්ලෙ. තබමින්. පයෙහි විලුබ ලගට. රේඩාර් වලල්ල. දමන්න පැනලා යන්න. හදනකොට අහුවෙන විදියට. ලොකු උදව්වක්. දැනට මොවුන් එකා බැගින් බන්දනාගාර ගත වෙනවා