ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගමට සම්බාධක පනවා තිබේ.

එහි සාමකාමීව බලය පැවරීම සඳහා තෙල් සමාගම එරට හමුදාවට ඉල්ලා ඇති බව වාර්තා වේ.

ජාතික ආරක්ෂක උපදේශකවරයා පැවසුවේ වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝට හා මිතුරන්ට තවදුරටත් ජනතාවගේ වත්කම් කොල්ල කෑමට නොහැකි බවයි.

වෙනිසියුලාව, ඇමෙරිකාවට බොරතෙල්  සපයන සැපයුම්කරුවන් සිව් දෙනා අතර සිටී. වෙනිසියුලාව නිපදවන බොරතෙල් වලින් 41 % ක් ඇමෙරිකාවට  අපනයනය කරයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් පසුගිය දා විපක්ෂනායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

වෙනිසියුලාවේ ආර්ථිකට මේවන විට ට්‍රම්ප් පරිපාලනය විසින් දරුණුතම දඬුවම් ලබා දෙමින් සිටීයි.

බීබීසී ඇසුරෙනි

(28535)