රුසියාව තවදුරටත් යුක්රේන අර්බුදයට බලපෑම් කරන්නේ නම් රුසියාවට එරෙහිව සම්බාධක දමන බව ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ දී ප්‍රකාශකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමගින් දුර්වලව ඇති රුසියාවේ ආර්ථිකය තවදුරටත් දුර්වල වනු ඇතැයි ද ඔබාමා පවසා ඇත.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරණ්නේ නව ආර්ථික සම්බාධක රුසියාවට එරෙහිව දමන බවයි එමගින් රුසියාවේ දුර්වල ආර්ථිකය තව දුරටත් දුර්වලවන බවයි. නව සම්බාධක අතර ඇමරිකානු වැසියන්ට රුසියාවේ බැංකු තුනක් සමග ගනුදෙනු කිරීම තහනම් කිරීම මෙහි එක් පියවරකි.

නැගෙනහිර යුක්රේනයේ සිටින  රුසියානු කැරලි කරුවන්ට තව දුරටත් රුසියාව සහයෝගය දෙන්නේ නම් මෙම නව සම්බාධකය මගින් රුසියාවේ වියදම් වැඩි කර ලීම එක් ඉලක්කයකි.

මොස්කව් පාලනය විසින් ප්‍රකාශ කර ඇත්තේ  කැරලිකරුවන්ට බර අවි සපයන බවට ඇමරිකාව සහ යුරෝපා සංගමහ කරණු ලබන ප්‍රකාශ සත්‍ය ඒවා නොවන බවයි.

ඔබාමා පවසන්නේ ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක තවදුරටත් වැඩිකරන බවයි බවයි. එහි ඉලක්කය රුසියානු ආර්ථිකයේ ප්‍රධාන අංශ වන බලශක්ති, ආයුධ සහ මුල්‍ය යන අංශ දුර්වල කිරීමයි.

මීට ඉහත ඇමරිකාව මගින් රුසියාවේ ඛනිජ තෙල් අංශය,ආරක්ෂක උපකරණ සහ සූක්ෂ්ම තාක්ෂණකටයුතු වලට නව සම්බාධක පැනවීය.