රුසියාව තවදුරටත් යුක්රේන අර්බුදයට බලපෑම් කරන්නේ නම් රුසියාවට එරෙහිව සම්බාධක දමන බව ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ දී ප්‍රකාශකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමගින් දුර්වලව ඇති රුසියාවේ ආර්ථිකය තවදුරටත් දුර්වල වනු ඇතැයි ද ඔබාමා පවසා ඇත.
ඔහු තවදුරටත් ප්‍රකාශ කරණ්නේ නව ආර්ථික සම්බාධක රුසියාවට එරෙහිව දමන බවයි එමගින් රුසියාවේ දුර්වල ආර්ථිකය තව දුරටත් දුර්වලවන බවයි. නව සම්බාධක අතර ඇමරිකානු වැසියන්ට රුසියාවේ බැංකු තුනක් සමග ගනුදෙනු කිරීම තහනම් කිරීම මෙහි එක් පියවරකි.
නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු කැරලි කරුවන්ට තව දුරටත් රුසියාව සහයෝගය දෙන්නේ නම් මෙම නව සම්බාධකය මගින් රුසියාවේ වියදම් වැඩි කර ලීම එක් ඉලක්කයකි.
මොස්කව් පාලනය විසින් ප්‍රකාශ කර ඇත්තේ කැරලිකරුවන්ට බර අවි සපයන බවට ඇමරිකාව සහ යුරෝපා සංගමහ කරණු ලබන ප්‍රකාශ සත්‍ය ඒවා නොවන බවයි.
ඔබාමා පවසන්නේ ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක තවදුරටත් වැඩිකරන බවයි බවයි. එහි ඉලක්කය රුසියානු ආර්ථිකයේ ප්‍රධාන අංශ වන බලශක්ති, ආයුධ සහ මුල්‍ය යන අංශ දුර්වල කිරීමයි.
මීට ඉහත ඇමරිකාව මගින් රුසියාවේ ඛනිජ තෙල් අංශය,ආරක්ෂක උපකරණ සහ සූක්ෂ්ම තාක්ෂණකටයුතු වලට නව සම්බාධක පැනවීය.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවෙන් රුසියාවට තරවටු
සම්පත් Wednesday, 30 July 2014 07:17 AM
ඔන්න දැන් කොට්ටෝරුව කෙසෙල් ගහට කොටන්න ළගයි (නදී)
ශ්‍රීලාල් Wednesday, 30 July 2014 01:45 PM
ඔය තහංචි අමුඅමුවේ අහිංසක කාන්තාවන්, දරුවන් මරණ, සරණාගත කඳවුරු වලට බෝම්බ හෙලන ඊශ්‍රායලයට කෝ?? (නි)
ඉන්දු Wednesday, 30 July 2014 09:09 AM
ඇමෙරිකාවේ තරම් හිඟන්නෝ රුසියාවේ නැතුව ඇති මම හිතන විදිහට. කෝ ඉතින් කලිනුත් සම්බාධක දැම්මනේ... ඕව කියල රුසියාව බය කරන්න බැහැ..(අ).
නලින් යහම්පත් Wednesday, 30 July 2014 09:09 AM
ඇමරිකාව අද ලෝකයට අණ දෙන , ඔහුට අවශ්‍ය විදියට රටවල් නටවන ලෝකයේ පොලිස් කාරයා බවට පත් වෙලා , ඇමරිකාවට පක්ෂපාති නැති , ඔහුට අවාසිසහගත ඕනෙම රටක රජයක් නැති කිරීමත් හෙළා දැකීමත් , තහංචි දැමීමත් ඔවුන් කරන්නේ ඒ නිසාය (අ)
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 09:35 AM
උතුරු කොරියාවේ පොඩි එකාටත් සවුත්තු වෙලා පච උනා මදිවට මෙදාපාර පොලිස් කාරයා සවුත්තු වෙන්නේ රුසියාවෙන් !අර කොට්ටෝරුවාට උනදේ වගේ ! (අ)
ඉන්දික Wednesday, 30 July 2014 11:45 AM
ඔබාමාත් හරියට පොඩි එකෙක් වගේ, කටට එන එක කියනවා. ඇමරිකාව මොනවා කිව්වත් රුසියාව වට්ටන්න බැහැ. ආර්ථිකය අතින් දුර්වල වුණාට යුදමය අතින් ඉතා ශක්තිමත් රටක්. අනික රටේ නායකයා පුටින් ඉතා හොඳ, කෙළින් ඉන්න නායකයෙක්. (නි)