IMG-LOGO

ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

යුක්රේනය අස්ථාවර කිරීමට රුසියාව උත්සාහ ගන්නා බවට ඇමෙරිකාව චෝදනා නගයි. රුසියාව එසේ කරන්නේ නම් දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවුනු ඇති බව ද ඇමෙරිකාව අනතුරු අඟවා ඇත.

ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ රුසියාවට මෙසේ අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ලැට්වියාවේ දී, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රුසියාව සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

''රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර තිබෙනවා ද නැද්ද අප තවම දන්නේ නැහැ. ඔහු එසේ කළොත්, ඊට එරෙහිව අප ක්‍රියාත්මක වෙනවා. රුසියාව සමඟ යුද්ධයකට යෑමට පවා අප පසුබට වෙන්නේ නැහැ'' යැයි ඇන්තනි බ්ලින්කන් අවධාරණය කළේය.

ඇමෙරිකාව ද උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සාමාජික රටකි. කැනඩාව ඇතුළු යුරෝපා රටවල් නේටෝ සංවිධානයට අයත් සෙසු රටවල්ය. නේටෝ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමය.

සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ, යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. ජනාධිපති පුටින්ගේ උපදෙස් අනුව රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු ඇඟවූයේ මීට දින කීපයකට පෙරය. මේ වනවිටත් යුක්රේන රුසියා දේශසීමාවේ රුසියන් සොල්දාදුවන් දහස් ගණනක් සීරුවෙන් සිටින බව ද පැවැසෙයි.

ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම ප්‍රහාරයක් මැඩපැවැත්වීමට තමන් සූදානම් අතර ඊට හැකියාව පවතින බවය. දේශසීමා ආසන්නේ රැඳී සිටින රුසියානු භටයන් ජනවාරි අග හෝ පෙබරවාරි මුල වනවිට ප්‍රහරදීම් සිදු කරනු ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site