
ඇමෙරිකාවෙන් පළමු ඔමික්‍රොන් මරණය අද (21) වාර්තා විය. මරණයට පත්වුණු එම ආසාදිතයා ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියෙකි.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත 48කින්ම ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ට අනුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 73ක් ම ඔමික්‍රොන් ආසාදිතයින් බව පැවැසෙයි.
ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකයට අනුව, දැන් දැන් එරට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත් වෙමින් තිබෙන්නේ ඔමික්‍රොන් නව විකෘති ප්‍රභේදයයි.
ඔමික්‍රෝන් විකෘතියත් සමඟ ඇමෙරිකාවේ කොරෝනා අවදානම ඉහළ යද්දී, එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට ජනාධිපති ගැනීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානම් වන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ධවල මන්දිරයේ ද කොවිඩ් 19 බියක් හටගෙන ඇත. ඒ, ජනාධිපති ජෝ බයිඩන් සමීපයට පවා ගිය ධවල මන්දිර සේවකයකුට වයිරසය ආසාදනය වී තිබීම නිසාය.
ජනාධිපති බයිඩන් නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණ සදහා යොමු කෙරෙන අතර, ඔහු ආසාදිතයකු නොවන බව පැවැසෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd