පළිගැනීමට හේතුවන කිසිදු ක්‍රියාමාර්ගයක නියැලීමෙන් වළකින්නැයි නේටෝ සංවිධානය ඉරානයට දැඩි ලෙස අවධාරණය කරයි.
මැදපෙරදිග කලාපයේ විවිධ සන්නද්ධ කණ්ඩායම්වලට ඉරානය සහාය පළ කිරීම හෙළාදකිමින් නේටෝ සංවිධානයේ සාමාජිකයින් එක්ව සිටින බව එම සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් මහතා ප්‍රකාශ කළේය.
නේටෝ සංගමයේ හදිසි රැස්වීමකින් පසු බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී ඔහු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළකළේය.
තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හා ප්‍රකෝප කිරීම්වලින් වළකින ලෙස ද ඔහු මෙහිදී ඉරානයට අවධාරණය කළේය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට ද නේටෝ සාමාජිකයින් එකඟත්වය පළකර ඇත.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
-226-


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ගත්ත හොඳම තීරණය...............
කවුරු හරි කෙනෙක් ඇමෙරිකාවට නැතිවෙන්න ප්‍රහාරය එල්ල කරයි කියන එක මගේ පැතුමයි. එයට ජාතිභේද නැති ආගම් භේද නෑ...
අනේ ඔය එක්කම කියන්නකෝ... නහී වේරේන වේරානි කියලත්... එහෙම කිව්වායින් ජේ.ආර්.ගේ පිළිරුවක් පවා ජපානයේ ඉදිකෙරුණා. ඉරානය සමහරවිට ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිකරන්න ඉඩ තියෙනවා.
ඇමෙරිකාවයි යුරෝපා සංගමයයි = නාටෝ ( ලෝක අයි . ආර් . සී කාරයෝ ) අන්න ඒ නිසා අපි කැමතියි රුසියාවයි , චීනයයි , ඉරානයයි .. එකතුවෙලා මේ ප්‍රශ්නයට නිසි උත්තරයක් දෙනවනම් ......
ලංකාවේ බොරතෙල් තිබුන නම් ඔයගොල්ලන්ට කියක්වත් ලැබෙන්නේ නැහැ. දේශපාලුවෝ ඒ මුදල් සියල්ලම ඒ අයගේ බැංකු ගිණුම් වලට මොනම ක්‍රමයකින් හරි හරවා ගන්නවා.