
පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට පෙර, පලස්තීන විමුක්ති සංවිධානයේ සහ පලස්තීන අධිකාරියේ සාමාජිකයන් 80 දෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප කිරීම සහ අවලංගු කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද මෙම සීමාවන්ට ඇතුළත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට දේශනයක් පැවැත්වීම සඳහා අබ්බාස් නිව්යෝක් යෑමට ද සූදානමින් සිටින බව පැවැසෙයි.
වීසා තීරණය ගැන තමන් මවිතයට පත් වූ බවත්, එය එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගිවිසුම උල්ලංඝනය කළ බවත්, අබ්බාස්ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සත්කාරකත්වය දරන රටවල් ලෙස ඇති කරගත් ගිවිසුමකට අනුව, මහා සභා රැස්වීම සඳහා යන නිලධාරීන්ට වීසා ප්‍රතික්ෂේප කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය බැඳී නොසිටිය යුතු නමුත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ පලස්තීන දූත පිරිසට සහභාගී වීමට ඉඩ දීමෙන් ගිවිසුමට අනුකූල වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd