
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස මරණ ගණන ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 3,157ක් ලෙස දැක්විණි.
එමෙන්ම ඇමෙරිකාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත රෝහල් ගත කළ වැඩිම ගණන ද ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 100,000 ඉක්මවීය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මීට පෙර දිනක් ඇතුළත වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 15 වැනිදා වන අතර එම ගණන 2,607ක් ලෙස දැක්විණි.
ඇමෙරිකාවෙන් ඊයේ (2) වයිරස ආසාදිතයන් 200,070ක් වාර්තා වූ අතර ඇමෙරිකාවෙන් දෙලක්ෂය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ දෙවැනි අවස්ථාව එය විය.
මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 13,911,738ක් වේ.
ඇමෙරිකාවේ සෞඛ්‍ය පද්ධතියට මේ වනවිට දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර දෙසැම්බර් සහ ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
(ඇමෙරිකානු පුවත් සේවා ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd