IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවෙන් පැය 24 ක් ඇතුළත කොරෝනා මරණ 3,157 ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස මරණ ගණන ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 3,157ක් ලෙස දැක්විණි.

එමෙන්ම ඇමෙරිකාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත රෝහල් ගත කළ වැඩිම ගණන ද ඊයේ (2) වාර්තා වූ අතර එම ගණන 100,000 ඉක්මවීය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මීට පෙර දිනක් ඇතුළත වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 15 වැනිදා වන අතර එම ගණන 2,607ක් ලෙස දැක්විණි.

ඇමෙරිකාවෙන් ඊයේ (2) වයිරස ආසාදිතයන් 200,070ක් වාර්තා වූ අතර ඇමෙරිකාවෙන් දෙලක්ෂය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ දෙවැනි අවස්ථාව එය විය.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 13,911,738ක් වේ.

ඇමෙරිකාවේ සෞඛ්‍ය පද්ධතියට මේ වනවිට දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර දෙසැම්බර් සහ ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
 
(ඇමෙරිකානු පුවත් සේවා ඇසුරිනි)
 
055 



අදහස් (0)

ඇමෙරිකාවෙන් පැය 24 ක් ඇතුළත කොරෝනා මරණ 3,157 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site