පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වන තලේබාන් සංවිධානයට සහාය දැක්වීම ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වී තිබේ.
පකිස්තානය තලේබාන් සංවිධානයට සහාය දැක්වීම නවතා දැමිය යුතු යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ලේකම් රෙක්ස් තිලර්සන් මහතා එක ළඟ දෙදිනක් තුළ අවධාරණය කිරීමත් සමඟ පකිස්තානයට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ.
කෙසේ නමුත් පකිස්තානය තමන් තලේබාන් සංවිධානයට සහාය දක්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. පකිස්තානය ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකළ හොත් එරටට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ප්‍රතිලාභ නවතා දැමීමට සිදුවනු ඇතැයි ආරක්ෂක තිලර්සන් මහතා අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා තලේබාන් සංවිධානය පරාජයට පත් කිරීම සඳහා නව උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කර දිනකට පසු ආරක්ෂක ලේකම්වරයා මේ කරුණු කීය. ඇමෙරිකා එක්සත් ජනපදය පකිස්තානයේ සමීප මිතුරෙකි. පකිස්තානය නේටෝ හවුලේ සාමාජිකයකු නොවුණද නේටෝ හවුලේ සාමාජික රටවලට හිමිවන ඇතැම් ප්‍රතිලාභ සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රතිලාභ රැසක් මෙන්ම ඩොලර් බිලියන ගණනින් මූල්‍යාධාර ද ලබයි.
පකිස්තානය ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ සබඳතා වෙනස් කිරීමට කටයුතු නොකළ හොත් එරටට ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
ඒ.එෆ්.පී/රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd