ඉරාන සමාගම් කිහිපයක් ද ඇතුළත්ව ඉරානයට නව සම්බාධක පැනවීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අවධානය යොමු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉරානය ඇතුළු රටවල් 7 ක ජාතීන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළේය. ඉරානයේ සමාගම් රැසකට සම්බාධක පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙන අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය, අවි ආයුධ වෙළෙඳාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරානයට සම්බාධක පැනවීම සඳහා විධායක නියෝගයක් පැනවීමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණය සමයේදීද ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සමාගම් සහ ස්වාධීන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් පනවන සම්බාධකවලින් ඉරානය සහ ඇමෙරිකාව ද ඇතුළුව ලෝක බලවතුන් හය දෙනකු අත්සන් කළ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට බලපෑමක් නොවන බව ද ධවල් මන්දිර ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd