ඇමරිකාවේ සිට ප්‍රංශයට පියාසර කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත්  යානා දෙකක බෝම්බ ඇතැයි සැකයක් ඇතිවූ බැවින් හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොස් ඇන්ජලීස් සිට පැරිස් දක්වා ගමන් ගත් යානා අංක 65 සෝල්ට් ලේක් සිටි ගුවන්තොටුපල වෙත හරවා යවනු ලැබීය. ඊට මද වේලාවකට පසු වොෂින්ටන්ස් ඩලාස් ගුවන්තොටුපලෙන් ප්‍රංශයේ චාල්ස් ඩි ගල්ලේ ගුවන්තොටුපල දක්වා ගමන්ගත් යානා අංක 55 නෝවාස්කෝටියා හාලිෆැක්ස් ගුවන්තොටුපල වෙත යවනු ලැබීය. යානා දෙකම පරීක්ෂා කිරීමෙන් පසු නැවත ගමන් ආරම්භ කිරීම සඳහා බාරදුන් බව ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කරයි.