ධවල මන්දිරයේ සිටින ඉරාන විරෝධී නිලධාරීන්ට ඇමෙරිකාව පැන වූ සම්බාධක අසමත් වන බව පෙන්වීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි අද (28) පැවැසීය.
ඉරාන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති හසන් රොව්හානී ඒ බව පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව ආර්ථික සම්බාධකවලට මුහුණ දෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
ඉරාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව සජීවීව විකාශය කරන ලද අතර ඔහු එහිදි ඇමෙරිකා එක්සත් ජනපදය දැඩිව විවේචනය කළේය.
“ආර්ථික අර්බුද බරපතලයි. බොහෝ පිරිසක් ඉරානයේ අනාගතය කෙරෙහි තබා ඇති විශ්වාසය අහිමි කරගෙන. ඔවුන්ට ඉරානයේ බලය පිළිබඳ දෙගිඩියාවක් ඇවිත්. එය සියල්ලටම වැදගත්” යැයි ද ඉරාන ජනාධිපතිවරයා එහිදි කීය.
“අපි ඇමෙරිකාවට හෝ ආර්ථික අර්බුදවලට බය නැහැ. අපි මේ සෑම ප්‍රශ්නයක්ම විසඳගන්නවා” හෙතෙම කීය.
රොයිටර්ස්

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවටවත් ආර්ථික සම්බාධකවලටවත් බය නෑ - ඉරාන ජනපති