
දැඩි සීත කාලගුණය සහ හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් 1,200 ක් අවලංගු කෙරුණු බවය.
ගුවන් ගමන් අවලංගු වීමෙන්, මගීන් දහස් ගණනක් ගුවන් තොටුපොළවල කොටුවුණු බව ද පැවැසෙයි. මාර්ග අවහිර වීමෙන් ගමනා ගමන කටයුතුවලට පවා හානි සිදු වී ඇත.
මේ අතර, හිම කුණාටු සහ දැඩි හිම පතනය හේතුවෙන් නිවාස 178,000 කට පමණ විදුලිය නොමැති බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd