‘ඉර්මා‘ නම් ප්‍රබල සුළි කුණාටුව කැරිබියන් දූපත් සහ ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙතට ආසන්න වෙමින් පැවතීම නිසා එම ප්‍රදේශ වල ජනතාවට කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන්කරන ලෙස දැනුම් දි ඇතැයි වාර්තා වේ.
පැයට කිලෝමීටර් 300ක වේගයෙන් යුත් මාරාන්තික සුළං තත්ත්වයක් සහ අධික වැසි තත්වයක් බලාපොරොත්තු වියහැකි බව සුළි කුණාටු සම්බන්ධ ඇමරිකානු ජාතික මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත.
මෙය පස්වන වර්ගයේ එනම් ප්‍රබලත්වයෙන් වැඩිම සුළි කුණාටුවක් ලෙස හඳුන්වා ඇති අතර අවුරුදු දහයකින් පසු ඇතිවන ප්‍රබලම සුළි කුණාටුවක් වනු ඇතැයි ද පැවසේ.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ෆ්ලොරීඩා ප්‍රාන්තය, පෝර්ටෝ රිකෝ සහ ඇමරිකානු වර්ජින් දූපත් වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලුම ගුවන්තොටුපොළ වසා දැමීමට පියවර ගෙන තිබේ.
ආහාර, ජලය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාව වෙළෙඳසැල්වල පෝලිම් ගැසී සිටින බව මාධ්‍ය වාර්තා කරයි. කුණාටුවේ බලපෑමට ලක්වනු ඇතැයි විශ්වාස කරන හයිටි සහ බහමාස් දූපත්වල ජනතාවට ද ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd