
ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත රැසක් හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය.
ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, වසර ගණනකින් ඇමෙරිකාවට කඩා වැදුණු දරුණුතම හිම කුණාටුව මෙය බවය.
මේ වනවිට මිලියන 70 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී සිටින බව පැවැසෙයි. ප්‍රදේශ රැසකට විදුලිය විසංධි වී ඇත.
කඩා වැදුණු හිම කුණාටුව බෝම්බයක් හිටිහැටියේ පුපුරා ගියාක් වැනි යැයි ඇමෙරිකානු ජාතික කාලගුණ විද්‍යා ඒකකය පැහැදිලි කර තිබේ.
මාර්ග අගල් 10 ක් හිමෙන් යටවී ඇති බවත් ගමනා ගමන කටයුතුවමලට බාධා එල්ල වී ඇති බවත් පැවැසෙයි. දුම්රිය ගමන් වාර රැසක් අහෝසි කිරීමට බලධාරීන්ට සිදුවී තිබේ.
ඊට අමතරව ගුවන් ගමන් 3,500 ක් ද අවලංගු කළ බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd