
ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය බවය.
ඇමෙරිකන් මාධ්‍ය අනුව, පසුගිය සිකුරාදා (26) දිනයේත්, සති අන්තයේත් ටෝනේඩෝ සුළි කුණාටු 100කට වැඩි ගණනක් හටගත් බවය.
ඔක්ලහෝමා, හෝල්ඩන්විල් නමැති නගරය පැය කීපයක් ඇතුළත ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකකින් බැට කෑ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ටෝනේඩෝ සුළි කුණාටු සමඟ මහ වැසි ඇද හැලුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd