IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඇමෙරිකාව ෆේස්බුක්/ට්විටර් පාස්ඩ් වර්ඩ් ඉල්ලයි

තම සේවකයන් හට ෆේස්බුක්,ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි වල පවත්වාගෙන යන ගිණුම් ඇත්නම් ඒවායේ මුරපද ඉල්ලා සිටීමේ අයිතිය සේවායෝජකයන්ට ලබාදිය යුතුයැයි සදහන් කරමින් ඉදිරිපත් කෙරුණු පණතක් පසුගියදා ඇමරිකා කොන්ග්‍රස් මණ්ඩලයේදි වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙයට පක්ෂව ඡන්දය දුන් පාර්ශවයන් ප්‍රකාශ කර සිටියේ මේ අනුව රජයට හා ෆේස්බුක් වැනි සමාගම් වලට එක්ව ක්‍රියාකළ හැකි බවයි.විශේෂයෙන් ත්‍රස්ත කි මැඩලීමට මෙය මහගු උපකාරයක් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.බොහෝ දෙනා පෞද්ගලික තොරතුරු ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගන්නා බැවින් මේ පණත සම්මත කර නීතිගත කිරීමෙන් සියලූදෙනා කෙරෙහි ඇස ගසාගෙන සිටීමට හැකි වනු ඇතැයි ඔවුන්ගේ මතයයි.

විපක්ෂවද සැලැකිය යුතු තරමේ කරුණු නැතුවා නොවේ.විපක්ෂව ඡන්දය දුන් අයගේ අදහස වී තිබුණේ මෙය ජනතාවගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමක් බවයි.සමාජ වෙබ් අඩවි ඇත්තේ රජයට හා සමාගම් වලට zzඔත්තුzz සැපැයීමට නොව අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට තම සමිීපතමයන් හා සම්බන්ධතා පවත්වාගෙන යාම,මිතුරන් ඇතිකරගැනීම ආදී දේ වලට පමණක් බව ඔවුන්ගේ අදහස වේ.

 

පණත නීතිගත කිරීම සදහා ඇමරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර මෙතෙක් එය ලැබී නොමැති බව සදහන්ය.

2012 වසරේ සයිබර් ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් ඇමරිකා පාර්ලිමෙන්තුව සිස්පා නම් පණතක් ඉදිරිපත් කළ අතර එම පණත අනුව අන්තර්ජාලයේ කෙරෙන සියලූ ගනුදෙනු වලට අතපෙවීමේ අයිතිය බළධාරීන්ට හිමිවීමට නියමිතව තිබුණි.පණතේ අඩංගුව තිබූ කරුණු අනුව මේ අතපෙවීම් ඇමරිකාවට පමණක් සීමා වන්නේද නැත.තම තමන්ගේ සමාජ ගිනුම් වල මුරපද තමන් සේවය කරන ස්ථාන වල ප්‍රධානීන්ට ලබා දිීම නීතිගත කිරීමටද මෙම පණතෙන් යෝජනා වී තිබුණි.මේ කරුණු මුල් කරගෙන විකිපීඩියා,ගූගල්,මයික්‍රොසොෂ්ට් වැනි අන්තර්ජාලයේ නම ගිය වෙබ්අඩවි දැවැන්ත විරෝධයක් ගෙන ගිය අතර විකිපීඩියා වෙබ් අඩවිය පැය 24 ක් පුරාවට ක්‍රියාවිරහිත කර තැබීමටද එහි නිර්මාතෘවරු කටයුතු  කළහ.මේ විරෝධය හමුවේ පණත හකුලා ගැනීමට ඇමරිකා පාර්ලිමෙන්තුවට සිදුවිය.දැන් එය නැවත කරලියට පැමිණ ඇති සෙයක් පෙනේ.

සියල්ල තීරණය වනු ඇත්තේ ඇමරිකා සෙනට් මණ්ඩලය ගනු ලබන තීරණය අනුවය.



අදහස් (0)

ඇමෙරිකාව ෆේස්බුක්/ට්විටර් පාස්ඩ් වර්ඩ් ඉල්ලයි

සදරුවන් Wednesday, 24 April 2013 03:40 PM

ලෝකයේ ඉන්න හොඳම ම්ලේච්ච ජාතිය මුර පදය ඉල්ලන්නේ. පනත සම්මත කර ගත්තොත් සියලු ගිණුම් ක්‍රියා විරහිත කිරීමයි හොඳම දේ.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 03:49 PM

දැන් ලියන්න කියන්න දන්නා මිනිස්සු වැඩි වෙලා ඇමෙරිකාවේ හෙළුව එළිවෙලා. ඇමෙරිකාව පිස්සු නටනවා. මෙහෙම ගියොත් තමන්ගේ බිරිඳට කියන දේවලුත් ඇමෙරිකාවට අවශ්‍ය වෙයි වගේ.(නදී)

:       0       0

රාජු Thursday, 25 April 2013 01:19 AM

ලංකාවේ මිනිස්සුත් ඇමරිකා වල ඉන්නවා. මෝඩයෝ වගේ හැමදේටම ඇමරිකාවට බනින්න එපා. මේ වගේ රටකට ඇවිල්ල බලන්න. (නි)

:       0       0

සිතිර Tuesday, 30 April 2013 09:49 PM

ඇමෙරිකාව හොඳ ලස්සන රටක්. පාලනයි හොඳ නැත්තේ .(නු)

:       0       0

රංජිත් Wednesday, 24 April 2013 07:47 PM

ඇමරිකාව අපේ රටේ මාධ්‍යය නිදහස ගැන කතා කළාට තමන් ගේ රටේ කරන දේවල් පෙනෙනවද ? කකුළුවා ඇදට යන ගමන් පැටුන්ට කෙලින් යන්න කියනවා වගේ මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site