ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩෙල්සන් ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 

රජයේ නිලතල දරන අතරතුර සිදු කළ බව කියන අයථා හැසිරීම් සහ විෂමාචාර සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් පීටර් මැන්ඩෙල්සන් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පීටර් මැන්ඩෙල්සන්ගේ යථා හැසිරීම් සහ විෂමාචාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ ද ලිංගික අපරාධකරුවකු ලෙස සැලකෙන ජෙෆ්රි එප්ස්ටයින්ගේ වාර්තා ප්‍රසිද්ධියට පත් වීමෙන් පසුවය. පීටර් මැන්ඩෙල්සන් සහ ජෙෆ්රි එප්ස්ටයින් අතරේ සමීප සබඳතා පැවැති බව මේ වනවිට අනාවරණය වී ඇත.