IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොරෝනා එන්නත ගැනීමට යති

 

ජනතාව එන්නත් ලබාගැනීමට යොමු කිරීම සඳහාත් ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහාත් ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමාජෝර්ජ් ඩබ්ලිව්බුෂ් සහ බිල් ක්ලින්ටන් කැමැත්ත පළ කර ඇත.

එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා තමන්ට කළ හැක්කේ කුමක්දැයි විමසීමට ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, එරට ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ සහ ඇමෙරිකාවේ බෝවෙන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි සහ ධවල මන්දිරයේ කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය ඩෙබෝරා බර්ක්ස් දුරකතනයෙන් අමතා ඇත.

එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසය වැඩි කිරීම සඳහා ප්‍රසිද්ධියේ එන්නත ලබාගැනීමට ඇමෙරිකාවේ 42 වැනි ජනාධිපති බිල් ක්ලින්ටන් ද කැමැත්ත පළ කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පැවැසීය.

‘කොවිඩ්-19’ එන්නත ආරක්ෂිත යැයි වෛද්‍ය ෆවුචි පැවැසූ බවත් තමන් ඔහු විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමා පැවැසීය.

‘සිරියස්එක්ස්එම්’ ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බැරැක් ඔබාමා ඒ බව කීවේය.

‘‘රූපවාහිනියට පැමිණ හෝ පටිගත කිරීමකට හෝ පැමිණ එන්නත ලබාගැනීමට මම සූදානම්. මම විද්‍යාව විශ්වාස කරන බව මිනිස්සු එතකොට දැනගන්නවා. ‘කොවිඩ්-19’ හැදේවිද නැද්ද ගැන නම් මට විශ්වාසයක නැහැ’’ යැයි ඔබාමා කීය.
 
(ඒ.එෆ්.පී./රොයිටර්)
 
055



අදහස් (1)

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොරෝනා එන්නත ගැනීමට යති

SL Thursday, 03 December 2020 11:50 AM

මෙන්න ජනාධිපතිලා, ආවා තමන්ගේ වැඩේ කළා. ගෙදර ගියා. ඒකට අපේ උන්දැලා... චන්ද්‍රිකාගේ ඉඳලා මහින්ද දක්වා හිටපු හැමෝම කෑදරකමේ උපරිමේට ගිහින්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site