
ජනතාව එන්නත් ලබාගැනීමට යොමු කිරීම සඳහාත් ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහාත් ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් කැමැත්ත පළ කර ඇත.
එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා තමන්ට කළ හැක්කේ කුමක්දැයි විමසීමට ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, එරට ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ සහ ඇමෙරිකාවේ බෝවෙන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි සහ ධවල මන්දිරයේ කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය ඩෙබෝරා බර්ක්ස් දුරකතනයෙන් අමතා ඇත.
එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසය වැඩි කිරීම සඳහා ප්‍රසිද්ධියේ එන්නත ලබාගැනීමට ඇමෙරිකාවේ 42 වැනි ජනාධිපති බිල් ක්ලින්ටන් ද කැමැත්ත පළ කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පැවැසීය.
‘කොවිඩ්-19’ එන්නත ආරක්ෂිත යැයි වෛද්‍ය ෆවුචි පැවැසූ බවත් තමන් ඔහු විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමා පැවැසීය.
‘සිරියස්එක්ස්එම්’ ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බැරැක් ඔබාමා ඒ බව කීවේය.
‘‘රූපවාහිනියට පැමිණ හෝ පටිගත කිරීමකට හෝ පැමිණ එන්නත ලබාගැනීමට මම සූදානම්. මම විද්‍යාව විශ්වාස කරන බව මිනිස්සු එතකොට දැනගන්නවා. ‘කොවිඩ්-19’ හැදේවිද නැද්ද ගැන නම් මට විශ්වාසයක නැහැ’’ යැයි ඔබාමා කීය.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජනාධිපතිලා, ආවා තමන්ගේ වැඩේ කළා. ගෙදර ගියා. ඒකට අපේ උන්දැලා... චන්ද්‍රිකාගේ ඉඳලා මහින්ද දක්වා හිටපු හැමෝම කෑදරකමේ උපරිමේට ගිහින්...