IMG-LOGO

ඇමෙරිකාව සහ චීනය අතර සාකච්ඡා දෙවනි දිනයේදීත්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා දෙවැනි දිනටත් බීජිං නුවරදී අද (14) ආරම්භ විය. 

එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුදය හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළවල් සහ ගෝලීය ආර්ථික වර්ධනය අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබේ. 

දෙරට අතර වෙළෙඳ අර්බුදය නිමා කරගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර නව සාකච්ඡා වටයක් ඉකුත් දා චීනයේදී ආරම්භ විය. නව සාකච්ඡා වටයේ දෙවැනි දිනය අදයි. 

සාකච්ඡා පවත්වා දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කරගන්නැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇති අතර ඔහු ඒ සඳහා මාර්තු 1 වැනිදා දක්වා කල් දී තිබේ. 

චීනය පෙන්නුම් කරන ප්‍රගතිය අනුව එරට සමඟ වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී චීන ආනයන මත ඩොලර් බිලියන 200ක බද්දක් පැනවීමට තීරණය කළත් සාකච්ඡාවලට කල් දීම සඳහා එම තීරණය පසුවට කල් තැබීය. 

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය සහ ඇමෙරිකාව පසුගිය කාලයේදී එකිනෙකාගේ නිෂ්පාදන මත බදු පැනවූ අතර එම බදුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලයන 360 ඉක්මවා ගොස් තිබේ.  

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055



අදහස් (0)

ඇමෙරිකාව සහ චීනය අතර සාකච්ඡා දෙවනි දිනයේදීත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1550 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site