ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.
වෛද්‍ය අංශ වාර්තා කර ඇත්තේ 153දෙනකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි.
මීට මාස හයකට පෙර පළමු රෝගියා වාර්තා වී ඇති අතර ක්‍රමක්‍රමයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී ඇත.
සරම්ප රෝගය සඳහා එන්නත් නොකරන ලද දරුවන් පොදු ස්ථානවලට රැගෙන ඒම තහනම් කර ඇති අතර එසේ රැගෙන එන්නන්ට විරුද්ධව දඩ සහ සිර දඬුවම් නියම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.
නිව්යෝක් නුවර ජනතාව, සිය දරුවන් එන්නත් කිරීමේ ප්‍රතිශතය දිගින් දිගටම අඩුවූ බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ආගමික හා දර්ශනවාදී හේතූන් මත බොහෝ දෙමාපියන් තම දරුවන් එන්නත් කිරීමට අකමැති වී ඇති අතර එන්නත් කිරීමෙන් ඔටිසම් වැනි රෝග තත්ත්ව ඇතිවේයැයි බියෙන් බෝහෝ දෙනා එන්නත් කිරීමෙන් වැළකී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
2018 දී යුරෝපයෙන් සරම්ප රෝගීන් 82500ක් වාර්තා වී ඇති අතර එය 2017 වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා තුන් ගුණයක වර්ධනයක් බවද වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමරිකාවේ සරම්ප පැතිරේ