IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමරිකාව සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහි කරයි

ඇමරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවී වසර 15ක් සපිරීම නිමිති කරගනිමින් අද විශේෂ සැමරුම් සංවිධානය කර තිබිණි.

2001 සැප්තැම්බර් 11 වැනිදා තලේබාන් ත්‍රස්තයන් විසින් ගුවන් යානා උපයෝගි කරගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්තානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඉන් දහසකට වැඩි පිරිසක් මිය ගියහ.

ඇමරිකා වැසියන් අදත් එම ප්‍රහාරය කිසිදා අමතක නොවන බව කියමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.

තවත් පිරිසක් එක්ව පෙන්ටගනයේ සිට නිව්යෝක් නුවරට කිලෝ මීටර් 400ක් පමණ දුර දුවමින් ප්‍රහාරයේදී තුවාලකරුවන් බේරාගැනීමට මහත් සේවයක් කළ ගිනි නිවන හමුදාව, පොලිසිය හා බේරාගැනීමේ සේවකයින් සිහිපත් කළහ. ඔවුහු සිකුරාදා වර්ජිනියා වලින් ඇරඹි එම වැඩසටහන ඉරිදා නිව්යෝක් නුවරින් අවසන් කළහ.

web8-9654-4083-A650-D734FD2C8B07_w610_r1_s web-9D2C-44A3-A517-A059DA91F040_w610_r0_s web75F1-4BFE-BEC5-15C5D92144DC_w610_r1_s webB4-75CA-42D4-A4E1-AE8F4A6E8515_w610_r0_s web-CEC54A59FEEA_cx0_cy7_cw0_w250_r1_s_r1



අදහස් (0)

ඇමරිකාව සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහි කරයි

ලේක්කෝ ගලබඩ Monday, 12 September 2016 07:45 PM

ෆස්රුල්, ඔබ වගේ ලංකාවේ සියලුම සහෝදර මුස්ලිම් මිනිස්සු හිතනවා නම් මොනතරම් අගේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 12 September 2016 08:44 PM

නාමල් නිව්යෝර්ක්, හොඳ වෛද්‍යවරයෙක් ලවා ඔබගේ මොළය පරික්ෂා කරගන්න (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Tuesday, 13 September 2016 01:43 AM

ෆස්රුල්, දන්නා දෙයක් කටාකරන්න. ලිබියාවේ, සිරියාවේ, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ ඔක්කොම ප්‍රශ්න වලට මුල අන්තවාදය. මෙතන කතාකරන ලෝකය ගැන නොදන්නා අය හිතාගෙන ඉන්නේ ඇමරිකාව එන්න කලින් ඒ රටවල් සුරපුර වගේ තිබුනා කියලා (නි)

:       0       0

නාමල් නිව්යෝක් Sunday, 11 September 2016 05:41 PM

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රාජ්‍ය බිඳවැට්ටවීමට අන්තවාදීන් ගත් අසාර්ථක උත්සාහය! මමත් ඊයේ නිව්යෝක්හි ස්ටේටන් අයිලන්ඩ් වලදී සිහිකිරීමේ උත්සවයකට සහභාගි වුණා. අල්කයිඩා ඇමරිකාවෙන් කාපු කෑමේ හැටියට මේ දේ කළ එක මෝඩකමක් කියලා හිතනවා ඇති (නි)

:       0       0

තරිඳු Monday, 12 September 2016 01:58 AM

ලෝකෙටම යුද්ධය පතුරුවපු අයට හොඳටම රිදුන දවසක් තමයි එදා (නි)

:       0       0

දහම් Tuesday, 13 September 2016 09:25 PM

ඇමරිකාවේ වාසනාවට මුස්ලිම් වරුන්ට නිවැරදි නායකත්වයක් නෑ (අ)

:       0       0

ෆාරාස් Thursday, 15 September 2016 08:56 AM

ඇමරිකාවටත් ත්‍රස්තවාදයේ බියකරු බව දැනීම මෙවැනි ප්‍රහාර මඟින් සිදුවුණ යහපත් දෙයක් (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Monday, 12 September 2016 02:17 PM

රූපවති ඔබගේ අදහස හරියටම හරි. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 September 2016 05:17 AM

ඇමරිකාව කටින් බතල හිටවන රටක් කියලා හිතා ගත්තේ මෙම ප්‍රහාරයෙන් පසුවයි. ඩොලර් සුළු ප්‍රමාණයක් පිරිවැයකින් මිනිසුන් තුන් හතර දෙනෙක් ආරක්ෂාව, යුද ශක්තිය ගැන පුරසාරම් ගහන රටකට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. (බ)

:       0       0

රූපවතී Monday, 12 September 2016 05:35 AM

වසර 30 ක් යුද්දෙන් බැටකාපු අපි වගේ මිනිසුන් තමයි ඒකේ දුක දන්නේ ..?යුද්ධය වපුරන මේ වගේ බලවත් රටවලුත් යුද්දයේ ආනිශංසයන් දැකිය යුතුමයි ....? (බ)

:       0       0

ෆස්රුල් Monday, 12 September 2016 04:33 PM

එක ප්‍රහාරයක් මෙලෙස සමරනවා නම්, ත්‍රස්තවාදයට මෙතරම් විරුද්ධ නම් ඇයි අපි යුද්ධෙන් ජයග්‍රහණය කලාට පස්සේ නැති ලෙඩවල් දැම්මේ ? මේ ප්‍රහාරය මෙතරම් රිදුනා නම් ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය, සිරියාව වගේ රටවල් නැත්තටම නැති කලේ ඒවා කොහොමද ඒ මිනිස්සු සමරන්නේ ? (හේ)

:       0       0

ජෝර්ජ් Tuesday, 13 September 2016 10:33 AM

නාමල් අමෙරිකාව ඉරාකයේ තහනම් අවි ඇති බව කියමින් එය හේතුවක් කොට ඉරාකය ආක්‍රමණය කර පසු එවැනි කිසිම ආයුධයක් එහි නැතිබව කියමින් සොරි කියපු එක ගැන ඔයා මොකද කියන්නේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site