
‘බී19’ වයිරසය, ඇමෙරිකානුවන් අතරේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට බෝවන රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
‘බී19’ වයිරසය ආසාදනය වූ විට සිරුරේ රතු පැහැති කුඩා බිබිලි හටගනී. ඒ කුෂ්ඨ පැල්ලම් ලෙසිනි. වයිරස ආසාදිතයන්ගේ කම්මුල් රතු පැහැ ගැන්වී කුඩා බිබිලි මතුවීම බහුල රෝග ලක්ෂණයයි. සෙම්ප්‍රතිශා තත්වයක් ඇතිවීම, උණ, ඇගපත වේදනාව ආදිය සෙසු රෝග ලක්ෂණ වෙයි.
මෙම වයිරසයෙන් අවදානමක් ඇත්තේ ගැබිනි මවුවරුන්ටය. මෙය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරන වයිරසයක් බව ද ඇමෙරිකන් බෝවන රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය හෙවත් ‘සී.ඩී.සී.’ අනතුරු අඟවා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු
මමත් ඉන්නෙ ඇමරිකාවේ. ඉයෙත් ක්ලිනික් ගියා. නමුත් මේවගෙ උණක් නැහැ. කිසිම කෙනෙක් මුඛ ආවරණයක්වත් දාලා නැහැ. මේ කියන කෙනා ඉන්නේ අප්‍රිකාවේ වෙන්න ඇති. එහේ වදුරු උණ සිඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ ලක්ෂණ තමයි මේ කියන්නේ බොරු ලියන කොට. ලංකාවේ මිනිස්සු ලෝක වටේ ඉන්නවා කියන එක දැන ගන්න