ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හා විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට එරෙහිව සිදුකරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාර දක්වන බව ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා පැවසුවේ මෙවැනි බියගැන්වීම් නීතියේ ආධිපත්‍යයට බරපතල පහරක් බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උග්‍ර තත්ත්වයට පත් වෙමින් ඇති අතර වර්තමාන ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා නෙරපීමේ දැඩි උත්සහයක විපක්ෂය නිරත වෙමින් සිටීයි.
බීබීසි ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd