IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් අඩකට එන්නත් ලැබිලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් ධවල මන්දිරය නිවේදනය කරයි.

ජූලි මස 4 වැනිදා වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 70කට ‘කොවිඩ්-19’ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් කරන බව ජෝ බයිඩන් පරිපාලනය ඉලක්කයක් ලබාදුන් අතර ඊට සති හයකට පෙර මෙලෙස වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කර අවසන් කිරීමට ඇමෙරිකාව සමත්ව ඇත.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල්, ජනපද නායකයන්ට සහ ඊට පහළින් සිටින නිලධාරීන් එන්නත් ලබා නොගත් පිරිසට එන්නත් ලබාදීමේ අභියෝගාත්මක කාර්යභාරයකට මුහුණ දී සිටියි. වැඩිහිටියන්ට එන්නත් ලබාදුන්න ද ඇමෙරිකාවේ බොහෝදෙනා තවමත් එන්නත් ලබාගැනීමට බියක් මැලිකමක් දක්වති. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එන්නත්කරණය සම්බන්ධයෙන් ව්‍යාප්ත වී තිබෙන දුර්මත සහ දුස් තොරතුරු ය.

ඇමෙරිකාව සිය එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමත් සමඟ එරටින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද අඩු වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් අඩකට එන්නත් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site