ඇමෙරිකාවේ සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමකින් පොඩි දරුවෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ ෂමාර් එල්කින්ස් නමැත්තා බව පොලිසිය පසුව පැවැසීය. මියගිය දරුවන් 8 දෙනාගෙන් දරුවන් 7 දෙනකුගේ පියා වෙඩි තැබීම සිදු කළ ෂමාර් එල්කින්ස් බව ද වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවූයේ 10 දෙනකු තුවාල ලැබූ බවත්, ඔවුන් සියලු දෙනා වැඩිහිටියන්ය. මියගියේ අවුරුදු 1 ත් 14 ත් වයස්වල කුඩා දරුවන්ය. වෙඩි තැබීම සිදුවූයේ ලුවිසියානා ජනපදයේ ශ්රේව්පෝට් නමැති නගරයේය.

වෙඩි තැබීමෙන් පසු ෂමාර් එල්කින්ස්, තුවක්කුව පෙන්වා මාර්රැයේ ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් පැහැරගෙන පොලිසියෙන් බේරී පලා යන්න වූ බවත්, පොලිසිය ඔහු පසුපස ලුහුබැඳ කළ වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්වුණු බවත් පසුව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙයි.