ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ජනපදයේ බෝල්ඩර් හි සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ඇතුළු 10 දෙනකු මරණයට පත්ව ඇත.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියකු මෙලෙස මරණයට පත්ව ඇති අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු ද තුවාල ලබා ඇත. ඔහු මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවන බව කොලරාඩෝ ජනපද බලධාරීහු සිදුවීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කීහ.
සතියක් තුළ ඇමෙරිකාවේ සිදු වූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම මෙය වේ.
කොලරාඩෝ ජනපදයේ අගනගරය වන ඩෙන්වර් නගරයෙන් සැතැපුම් 28 ක් වයඹ දිගට වන්නට පිහිටි බෝල්ඩර් හි ටේබල් මේසා හි පිහිටි සුපිරි වෙළෙද සැලකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
ඇට්ලන්ටාවේදී ඉකුත් අඟහරුවාදා සිදු වූ වෙඩි තැබීමකින් ආසියානු කාන්තාවන් හයදෙනකු අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයකු ට චෝදනා එල්ල වී තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට