ඇමෙරිකාවේ බැටන් රූජ් නගරයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවත් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
වෙඩි තැබීම සිදු කළ එක සැකකරුවෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තවමත් නිදැල්ලේ බව බලධාරීහු පවසති.
බැටන් රූජ් පොලිස් පොලිස් මූලස්ථානය හා ගුවන්තොටුපල අධිවේගී මාර්ගය අසල මෙම වෙඩි තැබීම සිදුවී තිබේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයෙන් ඉවතට වී සිටින ලෙස පොලිසිය පදිංචිකරුවන්ට අනතුරු අඟවා තිබේ. කළු ජාතිකයන් කිහිප දෙනකු පොලිසිය අතින් මිය යෑමෙන් පසු මෙම සිද්ධිය වාර්තා විය. මිට පෙර මිනසෝටා හි තවත් කළු ජාතිකයෙකු පොලිසිය අතින් ඝාතනය විය. මෙම ඝාතන වලට පලිගැනීමක් ලෙස ඩලස් නගරයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.
බැටන් රුජ් වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානයෙ පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීමට රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමට පොලිසිය ක්‍රියා කළේය. රෝහල වෙත රැගෙන ගිය තුවාල ලැබූ තවත් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කරයි. කළු ජාතිකන්ගේ ඝාතන හේතුවෙන් පොලිසියට එරෙහි විරෝධතා මේ වන විට උණුසුම් තත්වයකට පත්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd