
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයේ පාසල් ආශ්‍රිතව වෙඩි තැබීම් තුනක් සිදුවී ඇති බවත් ගැබිනි මවක ද ඇතුළුව 8 දෙනකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
පාසල්වල පිළිගැනීමේ උත්සව, ද්විතීයික පාසල් පාපන්දු තරග ආශ්‍රිතව වෙන වෙනම මෙම වෙඩි තැබීම් සිදුවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙඩි තැබීම් සිදුවූයේ ඇයිදැයි යන්ක තවමත් පැහැදිලි නැති නමුත්, විමර්ශන ආරම්භ වී ඇත. මිසිසිපි ජනපදයේ, ලීලන්ඩ් නගරයේ සෙනසුරාදා අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිවු දෙනකු මිය ගොස් ඇති අතර, තවත් අවම වශයෙන් 12 දෙනකු තුවාල ලබා තිබෙනවා.
ඊට අමතරව, හයිඩෙල්බර්ග්හි උසස් පාසලක සිදු වූ වෙනම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය සිටින බව පැවැසෙයි. ගැබිනි මව ද එයින් කෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd