ඇමරිකා එක්සත් ජනපදයේ නිවසක් නොමැති ජනයාගේ සංඛ්‍යාව මේ වසර අවසානයේ දි ලක්ෂ පහ ඉක්මවන බව ඒ පිලිබඳව නිකුත් වු වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
එම වාර්තාව නිකුත්කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සහ නාගරික දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන් පවසන්නේ 2014 වසර හා සසඳන කළ මෙම සංඛ්‍යාව තරමක් අඩුවී ඇති බවයි. නිවාස නොමැතිවිමට හේතුව ලෙස එහි පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපදයේ බොහෝ නගරයන්හි පිරිමැසුම් දායක ආර්ථික තත්වයට මුහුණපෑම, අඩු ආදායම් ලාභීන්ගේ වැටුප් හෝ වේතන පහත වැටීම හෝ ඒවා ඉහළ නොයාම සහ අයවැය මගින් සමාජීය සුභසාධක වැඩසටහන්වලට යොදවන මුදල් වැළැක්වීමයි.
ලොස් ඇන්ජලිස්, සීට්ල්,පෝර්ට්ලන්ඩ්,ඔරිගන් සහ හවායි යන නගරයන් හි නිවාස නැතිකම ඉහළ යාම සම්බන්ධයෙන් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික ඇස්තමේන්තු තිබියදීත් නිවාස නැත්තවුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ නිව්යෝක් නගරයේ බව නිවාස නැත්තවුන්ගේ ඒකාබද්ධ මණ්ඩලයේ නීති සහායක කණ්ඩායම් ප්‍රකාශක ජිසිලි රෑතර් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සහ නාගරික දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් විසින් කරණ ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබෙන්නේ ආසන්න වශයෙන් 565,000 ක් දෙනා වීථි වල මෝටර් රථවල හෝ තාවකාලික නවාතැන් සපයන ස්ථානයන්හි ජීවත් වන බවයි. මෙයින් ආසන්න වශයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 18 හෝ ඊට අඩු වයසේ පසුවන්නන්ය.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස නොමැති සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව පැවසෙන්නේ තම මිතුරන්ගේ සයනයන්හි හෝ තම ඥාතීන්ගේ ගොඩනැගිලිවල පොළොව යට ඇති තට්ටුවේ රාත්‍රිය ගත කරණ බොහෝ මිනිසුන් මෙම සංගනණයට අයත් නොවි තිබීම හේතුවෙනි.
වොෂින්ටන්හි නිවාස නැත්තවුන්ගේ සංඛ්‍යාව නැති කිරීමේ ජාතික සංධානයේ සභාපති නැන් රෝමන් පවසන්නේ අඩු ආදායම් ලාභීන්ට අවශ්‍ය නිවාස ඒකක සංඛ්‍යාව සපුරාලීමට දැනට නිවාස ඒකක මිලියන 7 ක් අවශ්‍ය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ලොකු රස්සාවක් ඕනෑ නැහැ. ඇමරිකාවේ පරිගණක රස්සාවක් ලැබුනහම හොඳටම ඇති. (නි)
මිලානෝ, ඇමරිකාවේ හාල්මැස්සන්, පරිප්පු හා සැමන් වල මිල අඩුද? (නි)
ඒ අතින් බලනකොට බැසිල් ඇතුළු රාජපක්ෂවරු සැබෑ වීරයෝය. ලංකාවේ මිනිස්සු කම්මැලි ලංකාවේදී විතරයි. (නි)
බලනකොට අපේ රට හොඳයිනේ (නි)
මා සිටින උතුරු ඇමෙරිකාවට යාබද කැනඩාවේ නම් වීදි වල මෙවැනි දර්ශන දකින්න නැහැ. චීනය, ඉන්දියාව, අප්‍රිකාව ලංකාව ආදී විවිධ දේශයන්ගෙන් පැමිණි ජාතීන් 300 කට අධික මෙම රටෙහි ඇත්තේ සාමකාමී පරිසරියක් වන අතර තාවකාලික සංක්‍රමණිකයන්ටද සෞඛ්‍ය ඇතුළු විවිධ පහසුකම් සළසා ඇත. කැනඩාව ජීවත්වීමට සුදුසු රටකි (නි)
මා ඇමරිකාවේ අවරුදු 13 ජීවත්වෙනවා. අනිත් රටවල වගේ කම්කරු රස්සාවලට මෙහෙ එන්න බැහැ. ලෝකයේ ඕනෑම දියුණු රටකට යනකොට උගත්කමක් ඕනෑ. එහෙම එන අය ආපසු ලංකාවට යන්නේ නිවාඩුවකට පමණි. ලංකාවෙත් රස්සාවකට සුදුසුකම් නැති මිනිස්සු මෙහෙ හොරෙන් ආවහම අමාරු තමා. (නි)
හොඳ ලිපියක් (නි)
ඇමරිකාවේ අඩු අදායම් ලබන පවුල් වල තත්වය ඛේදජනකය. නිසි සුභසාධන වැඩපිළිවෙලක් නොමැති බැවින් සෞඛ්‍ය රක්ෂණය ගැනීමට මුදල් නොමැති කමින් දියවැඩියාව, හෘද රෝග වලට පිළියම් නොමැතිව බොහෝ දෙනා සිටී. නිව් යෝර්ක් වල ලාංකිකයින් බොහෝ දෙනා සේවය කරන්නේ නිල් චිත්‍රපට සහ අදාළ පොත් පත් විකිණීමට ඇති කඩ වලය. (බ)
මේ බහුතරය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ හෝ නැතිනම් පාසැල් අධ්‍යාපනයවත් නිම නොකළ අය.. මොකද මේ රටේ මහන්සිවෙලා වැඩ කරන්න සූදානම් ඕනෑම අයෙකුට කුඩා ගෙයක්, පැරණි කාර් එකක් ආදිය ගන්න අපහසුවක් නෑ... කොහොම වුනත් ලක්ෂ 3300 ඉන්න රටක ලක්ෂ 7-8 නිකමුන් ඉන්න එක සාමාන්‍යයි (බ)
මේ අයගෙන් බොහෝ ප්‍රමානයක් මෙක්සිකෝව නැතිනම් දකුනු ඇමරිකානු රටවලින් පැමිනි අනවසර සංක්‍රමනිකයෝ... තවත් අය ඩ්‍රග් ඇඩික්ට්ලා... මෙහේ ලංකාවෙ වගේ උසස් අධ්‍යාපනය හෝ රස්සාවක් නොකරන 18 වැඩි ළමයින්ව දෙමාපියන් ගෙවල්වල තියාගන්නෙ නැති නිසා නිවාස නැතිව ටිකකාලයක් ඉන්න වෙන වෙලාවල් තිබෙනවා...නමුත් ඇමරිකාව කියන්නෙ ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටක් (බ)
ක්‍රිස්ටා ඉතාලියේ නේද මාෆියාව බහුලවම තියෙන්නේ? (ස)
ඇමරිකාවේ ලාංකිකයන් සහ යුරෝපයේ වෙසෙන ලාංකිකයන් අතර ලොකු වෙනසක් තිබේ. එංගලන්තයේ හැරුනවිට යුරෝපයේ වෙනත් රටවල ලාංකිකයන් විවිධ භාෂා කතාකිරීමට ඉගෙනගැනීමත්, ඇමරිකාවට වඩා වැටුමක් ලැබිමත්, රජයෙන් ලැබෙන ආරක්ෂක දීමනා, සෞඛ්‍ය, රැකියාව නැතිවුණොත් ලැබෙන දීමනා වගේ බොහෝ දේ ලබනවා. ඔවුන් නිතර ලංකාවට යනවා. වෙනත් රටවල නිවාඩු ගතකරනවා. එහෙත් ඇමරිකාවේ වෙසෙන ලාංකිකයන් ලංකාවට එන්නේ අවුරුදු ගණනාවකට වරකි. හරේන්ද්‍ර මහතාගේ කතාව අනුමත කරමි (නි)
මේ බහුතරය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ හෝ නැතිනම් පාසැල් අධ්‍යාපනයවත් නිම නොකළ අය.. මොකද මේ රටේ මහන්සිවෙලා වැඩ කරන්න සූදානම් ඕනෑම අයෙකුට කුඩා ගෙයක්, පැරණි කාර් එකක් ආදිය ගන්න අපහසුවක් නෑ... කොහොම වුනත් ලක්ෂ 3300 ඉන්න රටක ලක්ෂ 7-8 නිකමුන් ඉන්න එක සාමාන්‍යයි මේකම තම ලංකාවෙත් වෙලා තියෙන්නේ නිකන් ඉදන්නේ කන්න හොයන්නේ මේක හොද ආදර්ශයක් (ම)
කවුද පිටිගලට ඇමරිකාවේ සුභසාධන වැඩපිලිවෙලක් නැහැ කිව්වේ? හෘදයාබාධ නෙමෙයි ඕනෑම ලෙඩකට රක්ෂණයක් නැතත් බෙහෙත් ගතහැකියි. බිල තමන්ට හැකි කාලෙක ගෙවිය හැකියි. දරුණු රෝගියෙක් හෝ ආබාධිතයෙක් නම් රජයෙන් මාසිකව දීමනාවක් ලැබෙනවා (නි)
පිටිගල මිලානෝ, මම ඉන්නේ නිව්යෝර්ක් වල. මේ රටට ආවේ අවරුදු 12දී. ලංකාවේ අය 100ක් විතර ඔය කියන කඩවල වැඩ. ඒත් මෙහෙ ලංකාවේ පවුල් 1000කටත් වැඩියෙන් ඉන්නවා. ඒ මිනිස්සු ලස්සනට ගෙවල් අරගෙන ඉන්නවා. මම ගුරුවරියක්. මෙහෙ අඩු ආදායම් තියෙන අයට සෞඛ්‍ය රක්ෂණ තිබෙනවා. නොදන්නා දේ ගැන කතා කරන්න එපා. (නි)
පිටිගල මිලානෝ සහ ඉහත ලිපිය කියන විදියට ඇමරිකාවේ තත්වය අපි හිතන තරම් හොඳ නැහැ වගේ. ලංකාවේ හිටියා නම් ගමේ ඩිස්පැන්සරියෙන් ගොඩක් ලෙඩ වලට බෙහෙත් ගන්න පුළුවන්. (නි)
පිටිගල මිලානෝ, ඉතාලියේ ඉඳලා නිව්යෝර්ක් ගැන කියන්නේ අංජනම් වලින්ද? ඔව් ඔය නීල්, කඩවල වැඩකරන අය ඉන්නවා හරි හමන් ඉගෙනීමක් නැති. ඒත් ගොඩක් අය මෙහෙ එන්නේ උසස් අධ්‍යාපනය ගන්න. එයාලට ගෙවල් දොරවල් හොඳට තිබෙනවා. (නි)
අමෙරිකාවේ 90% බුද්ධිමත් නැහැ. හුඟදෙනෙක් කම්මැලියෝ.යන්තන් හම්බකරගෙන ජොලියේ ඉන්නේ. අසරණ වෙන්නේ ඉතාම කලාතුරකින්. මම ලංකාවෙන් ඇවිත් හුඟ කල් ඉඳල අමෙරිකාවේ ආණ්ඩුවේ රස්සාවල් කළේ. පුද්ගලික නිදහස, ආගමික නිදහස, ආර්ථික නිදහස, සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇමෙරිකාවේ තියෙනවා. දන්නවා ලංකාවේ තත්වය. ඇමෙරිකාවේ හොඳට ඉන්න අය ලංකාවට ඇවිත් වාෂ්ප වෙන්න ඕනේ නැහැ. (බ)
පිටිගල මිලානො ඉන්නෙ ලංකාවේ.දන්නෝ දනිති. (ම)
දිනේෂ්, කැලිෆෝර්නියාවේ ශ්‍රීලාංකික අය වැඩි වශයෙන් වැඩ කරන්නේ මහලු නිවාස වල සාත්තු සේවිකාවන් වශයෙන්. මෙය බොහෝ පින් ලැබෙන රස්සාවක් හොඳින් කලොත්.(ම)
මම ඔය දියුණුයි කියන රටවල් කිහිපයම ජීවත් වෙලා තියෙනවා, මෙතන ගොඩක් අය අදහස් දාල තියෙනවා . සමහර අදහස් දැක්කහම හිනහත් යනවා . මම ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන් නගරයට කිට්ටුව . ඔය කියන තරම් අහේනියක් මටනම් පේන්නෙ නැහැ. මහෙ ගොඩක් ගෙවල් නැතිව, රැකියා නැතිව ඉන්නෙ අනවසර සංක්‍රමනිකයෝ , විශේෂයෙන් ලතින් ඇමරිකා රටවලින් ආපු උදවිය.අනික ඔවුන් බොහොමයක් හරි අධ්‍යාපනයක් නැති අය ඉංග්‍රිසි දැනුමත් අඩුයි. ගෙයක් ගන්නනම් හොද රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි මොන රටේ හිටියත් තියෙන්නේ. යම් අධ්‍යපනයක් තියෙන රැකියා කරන අය හොද ජීවිත ගත කරනවා. (ම)
ඇමරිකාවේ ගිය අය නම් ලේසියෙන් ලංකාවට එන්නේ නැහැ. ආවත් ඉතින් මෙහෙ අයට එතරම් වාසියකුත් නැහැ. එංගලන්තෙන් ඉතාලියෙන් එන අය නම් අත දිගහැරලා වියදම් කරනවා. (නි)
යහම්පත් අනවසර සංක්‍රමණිකයින් හා නීත්‍යානුකූල සංක්‍රමණිකයින් පටළවාගෙන වගේ. යුරෝපයේ රැකියා සොයාගැනීම ඇමරිකාවට වඩා අසීරුයි. ජීවන වියදමත් බැලූවිට බොහෝ ස්කැන්ඩිනේවියානු රටවල ඇමරිකාවට වඩා මිල අධිකයි. ඇමරිකාවේ නීත්‍යානුකූලව පදිංචි වී ඇති අයට රජයෙන් සෞඛ්‍ය ඇතුලු සියලු පහසුකමක්ම දෙනවා. හොරෙන් ආ අයට නම් යුරෝපයේ මෙන් දීමනා ලැබීම අඩුයි (නි)
ඉහත තියෙන හුඟක් ප්‍රතිචාර දිහා බලපුවම හිතෙනවා සමහර මිනිස්සු ඇමෙරිකාව බේරා ගන්න මෙච්චර උත්සහ කරන්නේ ඇයි කියල.මේ ස්වභාවය යට තියෙන්නේ ධනවාදය බේරා ගැනීමේ උවමනාව.ලංකාවේ දුක්විඳින මිනිස්සු කොච්චර වැඩ කරනවද කියල ගාමෙන්ට් පැක්ටරියකට හරි පාර හදන තැනකට හරි ගියහම පේනවා. (බ)
නාමල් කිව්වේ ඇත්ත,අධික ජනගහනයක් අතරින් සුළු සංඛ්‍යාවක් අන්ත දුගී වීම සමානයි .ඔවුන් ගැන කණගාටු තමා (ස)
අපේ නැන්දා පදිංචි මියාමි වල. මාත් එහි ගිය දිනක ඇය ලිස්සා වැටුනා. වේදනාව නිසා රෝහලට ගියා. නමුත් මේ කලබල අස්සේ ණයපත (ක්‍රෙඩිට් කාර්ඩ් එක) ගෙනියන්න අමතක වුණා. මම ආපසු ගෙදර ගොස් එය ගෙනවිත් රෝහලට දෙනතෙක් පැය එකහමාරක් විතර නැන්දා වේදනාවෙන් පුටුවක හිටියා. විවිධ පරීක්ෂණ වලට අනතුරුව ඇයට අනතුරක් නැතැයි කිවුවත් ඩොලර් එක්දහස් හාරසීයක් කාර්ඩ් එකෙන් අය කරගෙන තිබුනා. නමුත් මේ මුදල් පසුව ඇයට රක්ෂණ සමාගමෙන් ලැබුනා. (නි)
අනේ මෙහෙම රටක් ගැනද ලංකාව බලාපොරොත්තු තියාගන්නේ? (නි)
මමත් අවුරුදු 20 ක් පමණ ජිවත් වන්නේ නිව්යෝර්ක් නගර ආසන්නයේ , රැකියාව නිව්යෝර්ක් නගරයේ , බොරු කීමට අවශ්‍ය නැහැ , ඔය කියනා තරම් සැප සම්පත් ගන්න නම් අඩුම ගානේ දවසට පැය ගාණක් රැකියා කළ යුතුය , (බ)
මගේ රට මට වාසනාවන්! (නි)
ඇමෙරිකාව දැන් බහින කලාවේ තියෙන්නේ, එහෙම වෙලා තියෙන්නේ ඔහුන් හදාගත්තු වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුව සීමා නැතුව වර්දධනය වෙන්න බැරි නිසා.එම ප්‍රතිපත්ති වසර 50-100 කට ගැලපුනත් ඊට එහා යන්න බැහැ. 2008 ආර්ථික කඩාවැටීමත් ඉදිරියේදී එන අවපාත පිළිබද මග පෙන්වීමක්. 1970 ගණන් වලදීත් ඔහුන් බේරුනේ පෙට්‍රෝ-ඩොලර් ක්‍රමය හදාගත්තු හින්ද. ඔහුන්ගේ ආර්ථික ක්‍රමය බිදවැටීමේ බිය නිසා තමා අනිත් රටවල් සමග යුද්ද වලට එලඹුනෙත්. එ්ත් විශ්ව නීතිය අනුව හැමදේම වෙනස් වෙනවා. (ස)
ලෝකේ තුන්වන ජනගහණය ඇමරිකාවේ. ඒකෙන් ලක්ෂ පහක් කියන්නේ ගානක්ද? (නි)
පිටිගල මිලානෝ, කැලිෆෝර්නියා පැත්තේ අපේ අයගේ තත්වය කොහොමද? (නි)
චානක ලොස්ඇන්ජලිස් , ඇමරිකාවට වහින්නත් කලින්ම කුඩ ඉහලනවා වාගේ , මා දුටු ඇමරිකාවේ ඇමරිකානු පුරවැසියන් මහා මග පදික වේදිකාවේ නිදනවා මම දැක තිබෙනවා , ඇමරිකානුවන් කියන්නේ යුරෝපයෙන් සංක්‍රමණය උන බටහිර රටවල මිනිසුන් බහුලව සිටියත් මෙක්සිකෝවෙන් සංක්‍රමණය උන අය දෙවෙනි ජනගහනය වෙලා තියෙන්නේ , (රේ)
ඇමරිකා ලොතරැයිය ඇදුනත් යන්න හිතෙන්නේ නැහැනේ, ජීවිත කාලයක් පිටරටම ඉන්න පිටිගල අයියගේ ඔවදන් ඇසුවාම. (නි)
අපේ මාමා ඉන්නේ ඉතාලියේ, පුංචි ඉන්නේ ඇමරිකාවේ. මාමා ඉතාලි ඉඳලා එනවා හැම අගෝස්තුවේම. අපිට හරිම ජයයි. මාසයම සතුට පිරිලා. වැඩිපුරම ගෙනෙන්නේ තෑගි. ඇමරිකාවේ පුංචි ආවේ අවුරුදු පහකට පස්සේ. ඒත් ඉතින් ලොකු සරුවක් නැති පාට තමයි දැනුනේ. (නි)
ඔය කඩවල විස්තර හොඳින් දන්න අය ඒ කඩවලට නිතරම යන එන අය වෙන්න ඇති... (නි)
මිලානෝ, ඔය කියන විදියේ ලෙඩරෝග වලට බෙහෙත් ගන්න නිව්යෝර්ක් වල රක්ෂණයක් උවමනා නැහැ. (නි)
පිටිගල මහතා දන්නේ නැතිවුණාට මෙහෙ ආදායම් අඩු අයට නොමිලේ සෞඛ්‍ය රක්ෂණයක් ලැබෙනවා. මේ රටට හොරෙන් පැන ආ උගත්කම අඩු කට්ටිය තමා වැඩිපුර ඔතන ඉන්නේ. මේ කට්ටියට ඉන්න සහ කන්න නොමිලේ ලැබෙනවා. හිඟන්නෝ ලෝකයේ කොහෙත් එක වගේ. (නි)
මමත් ඇමරිකාවට පනින්න බලාගෙන ඉන්නේ. ඉන්න තැන් නම් තිබෙනවා. පැනගත්තාම ඉන්න පුළුවන් කියලා මගේ ඇමරිකාවේ ඉන්න නෑයෝ කියනවා. ඒත් පිටිගල මිලානෝ සෞඛ්‍ය සම්බන්ධව කියලා තියෙන දේ ඇත්ත නැත්ත විසඳගන්න ඕනෑ මොනදේටත් කලින්. හැබැයි ඇමරිකාවේ ගිය කෙනෙක් එන්නේ නම් බොහොම කලාතුරකින්. ඉහත ලිපිය කියවනකොට හිතාගන්න පුළුවන් හේතුව. (නි)
පාල, ඔය ඇමරිකාවේ ගෙවල් නැති ලක්ෂ පහම ලංකාවේ අයද කියලා හිතෙනවා පිටිගල මිලානොගේ අදහස දැක්කහම. (නි)
පිටිගල මිලානෝ, ඔයාට බැරිද මටත් රැකියාවක් හොයලා දෙන්න නිව්යෝර්ක් වලින්? පඩිය ටිකක් අඩු වුණත් කමක් නැහැ. (නි)
අපේ අයියා කෙනෙනෙක් ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක වැඩකරලා හොරුන්ගේ වෙඩි පහරකින් ජීවිතය නැතිවුණා. අද වෙනතුරු කිසිම වන්දියක් ලැබුනේ නැහැ. ඉතාලි ඉන්න ඔක්කොම නෑදෑයෝ අද වෙනතුරුත් හොඳින් ඉන්නවා. අපේ ගොඩක් අය එහාට ගෙන්වා ගත්තා. පුද්ගල ආරක්ෂාව අතින් ඇමරිකාව හරිම භයානකයි. (නි)
පිටිගල මිලානෝ, මමත් නිව්යෝර්ක් ගියා. ස්ටාටන් අයිලන්ඩ් වලටත් ගියා. මෙහෙ ලංකාවේ අයගේ ජීවන තත්වය අපි හිතන විදිය නෙමෙයි. ඒ අයට ලංකාවට නිවාඩුවට ඇවිල්ලා යන්න නම් ගොඩක් මහන්සිවෙලා වැඩ කරලා ඉතුරු කරන්න ඕනෑලු. ඒ නිසා වැඩිය ලංකාවට එන්න ඕනෑකමක් නැතිලු. (නි)