IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක්

උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ මොනයම් වර්ගයේ මිසයිලයක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

මේ මස මුලදී උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර එම අත්හදා බැලීම සම්බන්ධයෙන් එරටට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල විය. ඇමෙරිකා එක්සත් ජනපදය එහි ප්‍රමුඛත්වය ගත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකා නියෝජිත නිකී හේලී මහතා ආරක්ෂක කවුන්සිලයේ ඇමෙරිකා හිතවත් පාර්ශව සමඟ වෙනමම සාකච්ඡාවක් පවත්වා තිබේ. උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් යැයි විශේෂඥයෝ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද පැවැසූහ.  

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වන අතර ඊට රුසියානු හා චීන පාර්ශව ද මැදිහත්ව තිබේ.

උතුරු කොරියාව දියත් කළ මිසයිලය සම්බන්ධයෙන් රුසියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂඥයන් තොරතුරු හුවමාරු කරගත් බව ආරක්ෂක කවුන්සිලයේදී රුසියාව ප්‍රකාශ කළ බව ද එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ ප්‍රකාශ කළහ.

ජූලි 4 වැනිදා උතුරු කොරියාව දියත් කරන ලද මිසයිලය මධ්‍ය දුර මිසයිලයක් බව සඳහන් කරමින් රුසියාව ජූලි 8 වැනිදා කෙටි විස්තරයක් සහ ඡායාරූප සටහනක් 15 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යොමු කරන ලදි. රුසියාවේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියාව අත්හදා බලන ලද්දේ අන්තර්මහද්වීපික මිසයිලයක් බව ඇමෙරිකාව ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කිරීමත් සමඟ එලෙස උණුසුම් තත්ත්වයක් ඇති විය.

උතුරු කොරියාව අත්හදා බලන මධ්‍ය දුර බැලැස්ටික් මිසයිල ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැනවිය යුත්තේ දිගු දුර මිසයිල අත්හදා බැලීමකදී හෝ න්‍යෂ්ටික ආයුද අත්හදා බැලීමකදී හෝ යැයි එහිදි චීන හා රුසියානු නියෝජිතයන් ප්‍රකාශ කළ බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ තවදුරටත් ප්‍රකාශ කළහ.

(රොයිටර් 055)



අදහස් (0)

ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site