ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ චාර්ලට්ස්විල්ලේ නගරයේ පැවති රැලියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් කාන්තාවක මියගොස් තවත් 19දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්තයේ වෙසෙන සුදු ජාතිකත්වයට පක්ෂ සහ අන්ත දක්ෂිනාංශිකත්වයට විරුද්ධ කණ්ඩායම් විසින් මෙම රැලිය පවත්වා තිබේ.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් වර්ජිනියා ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ සුදු ශ්‍රේෂ්ඨත්වයට පමණක් සලකන මිනිසුන් තම ප්‍රාන්තයට අවශ්‍ය නොවන බවයි.

මෙම රිය අනතුරෙන් සිදුවූ හානි වලට අමතරව සුදු ජාතිකවාදීන් සහ ඊට විරුද්ධ කණ්ඩායම් අතර ඇතිවූ කලකෝලාහලවලින් තවත් 15ක් පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මීට අමතරව ගැටුම් ඇතිවූ ප්‍රදේශයේ නිරීක්ෂණයේ යෙදෙමින් සිටි පොලිස් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන්  පොලිස් නිලධාරීන් දෙදෙනකු ද මියගොස් ඇත.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)