IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ රැකියේ නිර්මාණය පහතට

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ රැකියා නිර්මාණය කිරීමේ හැකියාව පහත වැටී ඇතැයි එරට රාජ්‍ය දත්ත සඳහන් කරයි.එම කාලයේදී නිෂ්පාදන හා ඉදි කිරීම් ක්ෂේත‍්‍රවලින් රැකියා උත්පාදනය වුවද සමස්තයක් ලෙස බලන විට ආර්ථිකයේ රැකියේ නිර්මාණය වීම කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ. 
 
ඒ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය වසර 17කට පසු අඩ අගයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 4.1ක් දක්වා අඩු ව තිබේ. එසේ වුවත් පසුගිය වසරේ අවසන් මාසයේදී නව රැකියා අවස්ථා සඳහා බඳවා ගෙන ඇත්තේ 148,000කට ආසන්න පිරිසකි. එය අපේක්ෂා කළ සංඛ්‍යාවලට වඩා ඉතා අඩු අගයක් යැයි ද රාජ්‍ය දත්ත වාර්තා කරයි.
 
වසර 2016 දෙසැම්බර් මාසයේදී ද ඇමෙරිකා එක්සත් ජනපදය නව රැකියා අවස්ථා 155,000 බිහි කරමින් ඊට පිරිස් අනුයුක්ත කළ අතර එම සංඛ්‍යාව හා සැසඳීමේදී පසුගිය දෙසැම්බරයේ තත්ත්වය ඇත්තේ පහත අගයකය. දෙසැම්බර් මාසයේදී නව රැකියා අවස්ථා 200,000 නිර්මාණය වනු ඇතැයි ආර්ථිකවේදීන් අපේක්ෂා කර තිබිණි. නව සේවකයන් ආකර්ෂණය කරගැනීමට නම් වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය බව ආර්ථිකවේදීන් මෙන්ම බොහෝ සමාගම් පෙන්වා දී තිබේ.
 
055



අදහස් (5)

ඇමෙරිකාවේ රැකියේ නිර්මාණය පහතට

රවින් Saturday, 06 January 2018 02:59 AM

රැකියා නිර්මාණය අඩුවුණාට ඇමරිකාවේ යුද ආයුධ නිෂ්පාදනයේ අඩුවක් එහෙම තියනවද?

:       14       32

Bamunuarachchi Saturday, 06 January 2018 03:58 AM

අහන්න දෙයක්ද මීට අවුරුදු 40-50 පෙර තිබුන ලෝකයේ අනර්ඝ බඩු නිෂ්පාදනය චීනාට දී ලෝකයා බාල බඩු වලට හුරුකිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔබලාගේ රැකියා නිර්මාණය පහතට වැටුණා. අපිව චීනාගේ කුණු බඩු වලට තල්ලු කළා.

:       14       43

ධනුෂ්කSaturday, 06 January 2018 03:48 PM

ඔබතුමා කියන කථාවේ අැත්තක් නැතුවම නෙමේ. හැබැයි මම අැතුළු ලංකාවේ බහුතරයක් ස්මාර්ට් දුරකනයක් භාවිත කරන්නේ. අන්තර්ජාලයට යන්නේ මෙහෙම පත්තරේ බලන්නේ චීනට පින්සිද්ධ වෙන්න. අැමරිකානු දුරකථනයක් ගද්දි චීන දුරකථන පහක්වත් ගත්තහැකි. අනික ගනන් අඩු චීන බඩු නිසා අැමරිකන්, ජපන්, කොරියන් බඩුවල මිළ බැස්සා. මතකද 2005 විතර ලක්ෂයක් විතර වුන දුරකථනයක් අද රුපියල් 5000ක්වත් වටින්නෑ. එ් කියන්නේ අැමරිකාව අපිව සූරා කාලා. අනික මිනිස්සු ඉස්සර ගිනි ගනන් කුලී දීලා කරගත්ත වැඩ අද චීන අායුධ අරන් ගෙදර තියාන අඩු මිළකින් තමන්ම කරගන්නවා.

:       0       127

sachithTuesday, 09 January 2018 05:02 AM

ඔබතුම කියන අදහසට මමත් එකඟයි. අද අැමරිකානු දුරකථන කියල කිසිම දෙයක් නෑ, ලෝකප්‍රකට ඇපල් දුරකථන පවා නිෂ්පාදන කටයුතු 100% කරන්නේ චීන හා කොරියානු සමාගම්.

:       0       0

අකිලMonday, 05 February 2018 08:41 AM

ලංකාවේ කවුද චීන ෆෝන් හොයන්නේ? බැලුවොත් ඇත්නම්, සැම්සුන්ග්, ඇපල් ෆෝන් තමයි හැමෝම ගන්න බලන්නේ... ඔය ෆෝන් හදන්නේ චීන කම්හල් වල වුණාට ගන්නේ ඇමෙරිකානු තාක්ෂණය, අනික කොහොමත් බ්‍රෑන්ඩ් සීරීස් වල මිල ගණන් කල් ගතවෙද්දී අඩුවෙනවා අළුත් එවා එද්දී....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site