IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමරිකාවේ රොකට්ටුවක් පුපුරයි

ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී ස්පේස් - එක්ස් රොකට්ටුවක් පුපුරා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ආසන්නයේ තිබූ ෆේස්බුක් චන්ද්‍රිකාවද පිපිරීමෙන් විනාශ වී ගොස් ඇතැයි කියති. එය අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන්ගත කිරීමට නියමිතව තිබූ එකක් බව ද කියති.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පෙරහුරුවකට යොදා ගත් අවස්ථාවේ මෙම පිපුරුම සිදුව ඇතැයි වාර්තාවේ.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද චන්ද්‍රිකාව විනාශවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබිණි.

රොකට්ටුව පිපිරීමෙන් සැතපුම් ගණනාවක් අවට පිහිටි ගොඩනැගිලි ද සෙලවීමට ලක්වූ බව එරට ආරංචි පවසයි. පිපුරුමෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.



අදහස් (0)

ඇමරිකාවේ රොකට්ටුවක් පුපුරයි

ටිරෝන් Sunday, 04 September 2016 11:33 AM

ඒකනේ කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියලා (නි)

:       0       0

ජයාත් Saturday, 03 September 2016 01:04 AM

හරියට හරි ගිහාන්!! (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 02 September 2016 12:34 PM

මගේ ‘ෆේස්බුක් චන්ද්‍රිකාව‘ මගේ ෆේස්එකේ නම් තවමත් ඔය යස අගේට ඉන්නේ. එයා ෆොටෝ දානවා, මම ලයික් ගහනවා. (නි)

:       0       0

විරාජ් Friday, 02 September 2016 05:24 PM

අනේ මන්දා ලංකාව කවදා දියුණු වෙයිද, ගිහාන් වගේ අය ඉන්නකන් (නි)

:       0       0

ධම්ම Friday, 02 September 2016 06:11 AM

මීට වැඩි දෙයක් වුනත් අවට ඉන්න අහිංසකයෝ තමයි පීඩාවට පත්වෙන්නේ. එයාල නම් සොරි කියයි. (බ)

:       0       0

මංගල Sunday, 04 September 2016 06:59 AM

යූ ටියුබ් එකෙන් මම නම් බලාගත්තා

:       0       0

ගිහාන් Friday, 02 September 2016 06:45 AM

දැන් ඉතින් අප්‍රිකාවේ මිනිස්සුන්ට තව ටික කාලයක් වැඩක් ඇති වැඩකට කාලය යොදවන්න පුළුවන්.(හේ)

:       0       0

මහේෂ් Friday, 02 September 2016 07:56 AM

ඇමෙරිකාව දන්නේ අනෙත් මිනිස්සු නැතිකිරීම පමණි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 611 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site