ඇමරිකාවේ දකුණු දිග මිසිසිපි ප්‍රාන්තයේදී යුධ ගුවන් යානයක් කඩාවැටීමෙන් 16දෙනකු මියෙගාස් ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්තයේ අගනුවර වන ජැක්සන් නගරයට සැතපුම් 100ක් පමණ උතුරින් ලෙෆ්ලෝරේ ප්‍රදේශයේදී යානය අනතුරට ලක් වී ඇති බවත් යානයේ සිටි සියලුදෙනාම මියගොස් ඇති බවත් බලධාරීහු පවසති. 

සෝයා බෝන්චි වගා බිමකට යානය කඩා වැටී ඇති අතර  සුන්බුන් සැතපුම් පහක් පමණ දුරට විසිරී ඇත.

යානය කඩාවැටීමෙන් ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බව ගිනි නිවන හමුදාව පවසා ඇත.
 


(බීබීසී පුවත් ඇසුරිණි - 085)